තිස්ස අත්තනායකට එරෙහි විමර්ශන අවසන් - පොලිස්පති

Published in පුවත්
Friday, 27 February 2015 12:17

ව්‍යාජ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අවසන් කොට ඇති බව පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා පවසයි.

ඒ අනුව එහි නීතිමය කටයුතු සඳහා එම විමර්ශන ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුව ලබා දීම සිදුවනු ඇති බවත් ඇතැම් විට යළි අත්තනායක මහතා අත් අඩංගුවට ගැනිමක් වුව සිදුවිය හැකි බවත් ඔහු පවසයි.

එමෙන්ම අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අතුරුදහන් වීම, ඇවන්ගර්ඩ් අවි ගබඩාව, විමල් වීරවංශ මහතාගේ බිරිඳගේ ව්‍යාජ ලේඛන සැකසීම හා වෙලේ සුදා සම්බන්ධ පරීක්ෂණ කටයුතු බොහෝ දුරට අවසන් කර ඇති බවත් පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ පැවැසූවේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ද විමර්ශන්ද අවසන් කොට ඇති බවය. එමෙන්ම ලසන්ත වික්‍රමතුන්ග මහතාගේ හා රගර් ක්‍රීඩක තාජුඩීන් මහතාගේ ඝාතන සම්බන්ධ පරීක්ෂණද රහස් පොලීසිය විසින් ආරම්බ කර ඇති බවය.

එමෙන්ම වැලිකඩ සිදුවීමට අදාල කට උත්තර 2783ක් සටහන් කොට ගෙන ඇති බවත් ඔහු පවසයි.

මේ අතර දූෂණ විරෝධී ඒකකය මඟින් මහා පරිමාන දූෂණ වංචා කිහිපයක් ගැනද පරීෂණ මෙහෙයවමින් සිටින බවත් පොලිස්පතිවරයා පවසයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us