චාවකච්චේරියෙන් වළ දමා තිබු පූරන ද්‍රව්‍ය තොගයක් හමුවේ

Published in පුවත්
Friday, 27 February 2015 08:47

චාවාකච්චේරිය සංකස්‌ථාන දුම්රිය ස්‌ථානය ආසන්නයේ නිවසක්‌ අසල සිදු වූ පිපිරීමකින් පසු පොලිසිය සිදු කළ මෙහෙයුමකදී සුරක්‍ෂිතව වළදමා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 148 ක්‌ සොයා ගෙන තිබේ.

මෙම ඉඩමේ තිබූ නිවසක්‌ ආසන්නයේ පෙරේදා (25 වැනිදා) රාත්‍රී කිසියම් පිපිරීමක්‌ සිදු වූ අතර, මෙම පිපිරීම සිදු වූ ස්‌ථානය හා ඒ අවට ප්‍රදේශය පොලිසිය විසින් ඊයේ (26 වැනිදා) දැඩි සෝදිසියට ලක්‌ කර තිබේ. එහිදී නිවස ආසන්නයේ වළ දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි විය.

මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය පොහොර බෑග්වල බහා ඉතාම සුරක්‍ෂිත ආකාරයට වළ දමා තිබූ බව පොලිසිය පවසයි. මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය වළ දමා තිබූ ඉඩම 2009 වර්ෂයේදී එහි හිමිකරු විසින් වෙනත් පුද්ගලයකුට විකුණා දමා තිබිණි.

ඉඩම මිලදී ගත් පුද්ගලයා මෙම පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව කිසිවක්‌ නො දන්නා බව පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

මෙහිදී ගොඩගනු ලැබූ පුපුරණ ද්‍රව්‍ය තොගය කොටි ත්‍රස්‌තවාදීන් විසින් යුද සමයේදී වළදැමූ ඒවා බවට සැක පහළ කරයි.

පොලිසිය සහ යුද හමුදාව මෙම ඉඩම හා ඒ අවට ප්‍රදේශය දැඩි පරීක්‍ෂාවට ලක්‌ කරන බව උසස්‌ නිලධාරියෙක්‌ කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us