ශෂීව ඇල්ලුවේ රජය අපකීර්තියට ලක් කරන්න - රාජිත

Published in පුවත්
Friday, 27 February 2015 10:36

ඉකුත් ආණ්‌ඩුව සමයේ වැරදි කරපු මහා තෝරු මෝරු පැත්තක තබා කුඩා සිද්ධි පමණක්‌ අල්ලාගෙන දිගට ඇදගෙන යන්නේ ලොකු වැරැදිකරුවන් ආරක්‍ෂා කිරීමට දැයි තමාටද සැක මතුවී ඇතැයි කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශ ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

ශෂී වීරවංශ හෝ සුදර්මන් රදලියගොඩගේ ප්‍රශ්න අනෙකුත් මහ සිද්ධීන් සමග බැලීමේදී ප්‍රශ්න නොවන බවද මේවා කරන්නේ කවුරුන්ද යන්න හොඳින් අවබෝධ කරගෙන සිටින බවද ඇමැතිවරයා කීය.

කාන්තාවක්‌ අත්අඩංගුවට ගැනීමෙන් කාතුළත් අනුකම්පාවක්‌ උපදින බවද මෙවැනි දේ සිදුකර රජය අපකීර්තියට පත් කිරීමට සමහරු උත්සාහ දරන බව පෙනී යන බවද කී සේනාරත්න මහතා තෝරු මෝරු වැනි මහාපරිමාණ අපරාධකරුවන් බේරන්නේ ඉදිරියේදී තමන්ටද මෙවැනි දූෂණ කිරීමේ උවමනාවෙන් විය හැකි බවද කියා සිටියේය.

තව සති කිහිපයක්‌ පමණක්‌ මේ දෙස බලා සිටින බවත් නිවැරදි දේ සිදු නොවුණහොත් වැරදිකරුවන් ආරක්‍ෂා කරන අයගේ නම් හෙළිදරව් කරන බවද කීය.

මේ ආණ්‌ඩුව තුළ වැරදිකරුවන් ආරක්‍ෂා කිරීමේ ඩීල්කරුවන් සිටින බව තමා පිළිගන්නා බවද වරප්‍රසාද හා වෙනත් ගනුදෙනු මත මේ දේවල් කරනු ඇති බව විශ්වාස කරන බවද කී ඇමැතිවරයා තමාත් චම්පික ඇමැතිවරයාත් ඇමැති මණ්‌ඩලයේත් ආණ්‌ඩුව තුළත් දිගින් දිගටම මේ ගැන ප්‍රශ්න කරන බව කීය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us