සුදු වෑන් සංස්කෘතිය ගැන සාක්ෂි දෙන්න මම සූදානම්-ප්‍රිශාන්ත ජයකොඩිගේ හෙළිදරව්ව(video/photos)

Published in පුවත්
Friday, 27 February 2015 10:43

සුදු වෑන් සංස්කෘතියට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ විමර්ශනයක් සිදු කරන්නේ නම් ඊට සාක්ෂි ලබාදීමට තමා සූදානම් බව හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ ඊයේ (26) විශේෂ මාධ්‍ය හමුවක් කැදවමිනි.

මීට වසර එක හමාරකට පෙර මෙරටින් පිටව ගොස් ඕස්ට්‍රේලියාවේ වාසය කළ ජයකොඩි මහතා ඊයේ නැවත මෙරටට පැමිණියේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් ලෙස වසර ගණනක් සේවය කළ තමාව හදිසි‍යේ ස්ථාන මාරු කළ බවත්, මාධ්‍ය ප්‍රකාශක ලෙස ස්ථාන මාරු කරන්නට හේතුව පැවැති රජයට අවශ්‍ය පරිදි සත්‍ය වසන් නොකොට මාධ්‍යයට තොරතුරුදීම යැයි විශ්වාස කරන බවත්,ඔහු පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් ලෙස තමන් දේශපාලනඥයින්ට අවශ්‍ය පරිදි පොලීසිය කටයුතු නොකරන බවට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් ද තමන්ට මෙවැනි බලපෑම් එල්ල වීමට ප්‍රධාන ලෙස බලපෑ බව ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියා සිටියේය.

පසුගිය රජය සමයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ගෝලබාලයන් ගේ තර්ජන හමුවේ ලංකාවේ ජීවත්වීමට නොහැකි වූ බව හිටපු පොලිස් ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි පවසයි.

මෙම කාරණා මූලිකව තමාට රට හැර යාමට පවා සිදුවූ බවත් විදේශ ගත වීත් තර්ජන වල නිමක් නොවූ බව පවසන ප්‍රිශාන්ත ජයකොඩි ඔස්ට්‍රේලියාවේදීත් තමාට ජීවිතාරක්ෂාව සඳහා තැනින් තැනට පළා යාමට සිදු වූ බව පැවසුවේය.

අන්තිමේ දී වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ තත්වයේ වෙනසක් සිදු වූ නිසා සියරට පැමිණි බව පවසන හිටපු පොලිස් ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි කියා සිටියේ යළි කිසිදාක රට හැර යාමේ උවමනාවක් නොමැති බවයි.

priyashantha3

priyashantha-1

priyashantha-2

Last modified on Friday, 27 February 2015 12:23

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us