ජාතික ඖෂධ ප්‍රතිපත්තිය කඩිනම් කරන්න - මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය(audio)

Published in පුවත්
Monday, 02 March 2015 14:39

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම කලක් මුළුල්ලේම මැතිවරණ පොරොන්දුවක් පමණක් වූ බවත් නව රජය යටතේ ඒ සදහා ඉදිරි පියවරක් ගැනීම ගැන සතුටු වන බවත් මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය පවසයි. ඔවුන් මේ බව සදහන් කළේ අද(02) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය අැති කිරීම උදෙසා මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය ලෙස විවිධ අාකාරයෙන් අරගල සිදු කළ බවත් ඖෂධ ප්‍රතිපත්තියක් සූදානම් බව කලක් මුළුල්ලේම රජයන් ප්‍රකාශ කළත් එය මැතිවරණ පෙරොන්දුවක් පමණක් වූ බව ඔවුන් පැවසුවේය.

මෙවර එය පනත් කෙටුම්පතක් ලෙස යම් පියවරක් ඉදිරියට පැමිණීම පිළිබදව සතුටට පත්වන බව මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය පවසයි.

රටට සැබවින්ම අවශ්‍යම දෙයක් වන ඖෂධ ප්‍රතිපත්තිය සදහා අවශ්‍යය ඉදිරි පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය ලෙස එයට සහයෝගය පළ කරන බවත් පැවසුවේය.

මෙහිදී අදහස් දක්වමින් එම සංවිධානයේ ජාතික සංවිධායක වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසුවේ ඖෂධ වෙළඳපල තුළ 30%ක් භාවිතා කෙරුණේ ප්‍රමිතියෙන් බාල ඖෂධ බවත්,ඇතැම් පිරිස් ඇතැම් ඖෂධ මත් ද්‍රව්‍ය වලට ආදේශකයක් ලෙස භාවිතයට ගත් බවත්,ඖෂධ මිල හිතුවක්කාරී ලෙස ඉහළදැමීමට සමාගම් විසින් කටයුතු කළ බවයි.

එසේම මේවවන විට ඖෂධ හිඟයක් හා වෛද්‍ය උපකරණ හිඟයක්ද පවත්නා බවත්,රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හිඟ බැවින් ඇතැමුන් ඒවා ලබාගැනීමට බස්රථවල හිඟා කන තත්ත්වයක් දක්නට ලැබෙන බවත් ඔහු කියා සිටියේය.

එබැවින් කුමක් හෝ ඖෂධ පනතක් බාර ගැනීමට තමන් සූදානම් නොමැති බවත්,රටට අවශ්‍යව ඇත්තේ මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය බවත් වෛද්‍ය බණ්ඩාර මහතා පෙන්වාදුන්නේය.

මහාචාර්ය සේනක බිබිලේ හඳුන්වාදුන් එම වටිනා ප්‍රතිපත්තිය අද ලෝකයේ රටවල් ගණනාවක ක්‍රියාත්මක වන අතර ලංකාව තුළ එය ක්‍රියාත්මක කර ජනතාවට සහනයක් සලසා දෙන ලෙස ඉල්ලා සිටියේය.

jayantha

jayantha02

gamini

{soundcloud}https://soundcloud.com/lankadaily/senaka-bibile{/soundcloud}

 

Last modified on Monday, 02 March 2015 15:02

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us