දේශීය යාන්ත්‍රණයට එක්සත් ජාතීන්ගේ කැමැත්ත

Published in පුවත්
Sunday, 01 March 2015 09:10

යුද්ධයට අදාළ වගවීම සහ ප්‍රතිසංධානය යන කාරණා එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා තමා මුණ ගැසුණු අවස්ථාවේදී සාකච්ඡා කළ බව විදේශ නියෝජ්‍ය ඇමති අජිත්. පී. පෙරේරා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව තුළ, ශ්‍රී ලංකාවේ නීතියට අනුව ශ්‍රී ලංකාවේ විනිශ්චයකාරවරුන් විසින් ශ්‍රී ලංකාවේ යුද්ධයට අදාළ කරුණු විමර්ශනය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඇති කැමැත්ත එම සාකච්ජාවලදී පැහැදිලිවුනු බව ඔහු පැවසුවේය.

විශ්වාසවන්ත යාන්ත්‍රණයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා සම්බන්ධ වාර්තාව ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද කරන ලද්දේ එම චෝදනා විමර්ශනය කිරීම පිණිස දේශීය විශ්වාසවන්ත යාන්ත්‍රණයක් සකස් කිරීමට කාලය සහ අවකාශය ලබා දීමට බව එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් සිහිපත් කළ බවයි විදේශ නියෝජ්‍ය ඇමති අජිත්. පී. පෙරේරා සඳහන් කළේ.

එම කාලය ප්‍රයෝජනයට ගෙන එම ප්‍රශ්නවලට අවශ්‍ය විසඳුම් ලබා දෙන ලෙසට එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් ඉල්ලා සිටි බවයි ඔහු ප්‍රකාශ කළේ.

දේශීය යාන්ත්‍රණය

එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙසට එල්බ සිටි මතයෙන් ඉවත්වන්නේද යන්න, ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන යුද අපරාධ විමර්ශනය කිරීමේ දේශීය යාන්ත්‍රණය මත රඳා පවතින බව ඔහු පැවසුවේය.

නමුත් දේශීය යාන්ත්‍රණයක් තුලින් යුද්ධය හා සම්බන්ධ ප්‍රශ්න විසඳා ගැණීම සඳහා වූ අදහස එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඇති බව ඉතාම පැහැදිළි බවයි විදේශ නියෝජ්‍ය ඇමති අජිත්. පී. පෙරේරා ප්‍රකාශ කළේ.


“නැවත බෝලය අපේ පැත්තට ඇවිල්ල තියෙනවා. ඉතින් මේ බෝලය හරියට සෙල්ලම් කිරීම අපේ වගකීම,” ඔහු පැවසුවේය.

බරපතළ චෝදනා ඇති කරුණු පිළිබඳව ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ විශ්වාසවන්ත පරීක්ෂණයක් පැවැත්වීමත්, යළිත් එවැනි සිද්ධීන් ඇති නොවීමට වග බලා ගැනීමත්, ඉතිහාසයේ සිදුවූ එම සිද්ධීන් සම්බන්ධයෙන් යම් ආකාරයක සම්මුතියක් ඇති කර ගැනීමේ ක්‍රියාවලියක් ඔවුන් බලාපොරොත්තුවන බව ඔහු සඳහන් කළේය.

ජාත්‍යන්තර වශයෙන් එසේ ඉල්ලා සිටියද එවැනි ක්‍රියාවලියක් ශ්‍රී ලංකාවේ අනිවාර්යයෙන් ම සිදු විය යුතු බව පැවසූ විදේශ නියෝජ්‍ය ඇමති අජිත්. පී. පෙරේරා රටට ආදරය කරන්නේ නම් ජාතීන් අතර සමගිය බලාපොරොත්තු වන්නේ නම් එවැනි ක්‍රියාදාමයක් අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කළේය.


bbc

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us