2015 ඔස්කාර් සම්මාන දිනූ “බර්ඩ්මෑන්”

Published in අනං මනං
Saturday, 28 February 2015 13:08

සිනමා ලෝකයේ විශිෂ්ටයන් ඇගයෙන ප්‍රමුඛතම සිනමා සම්මාන උළෙල ලෙස සැලකිය හැකි ඔස්කාර් සිනමා සම්මාන උළෙල 87 වැනි වරටත් පසුගිය 22 දා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. මෙවර මෙම සම්මාන උළෙ‍ලේදී හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ඇලෙක්සැන්ද්‍රෝ ගොන්සා‍ලේස් ඉන්යරේතු විසින් අධ්‍යක්ෂණය කරන ලද 'බර්ඩ්මෑන් ( ඕර් ද අනෙක්ස්පෙක්ටඩ් වර්චු ඔෆ් ඉග්නරන්ස්) නම් අපූරු සිනමා නිර්මාණයයි.


මෙම චිත්‍රපටයේ කතා නායකයා වන්නේ රිගන් තොම්සන් නැමැති, තරුණ වියේදී 'බර්ඩ්මෑන්' නැමැති, ජනප්‍රිය සිනමා සම්ප්‍රදායේ චිත්‍රපට පෙලක සුපිරි වීර චරිතයක් රඟපාමින් සිය නලු ජීවිතයේ ඉහළම තලයේ වැජඹුණු දැන් කමෛන් වියපත් වීමත් සමග අවලංගු වෙමින් සිටින චරිතයක් වටායි.

චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන ඇලෙක්සන්ද්‍රෝ ගොන්සා‍ලේස් මෙක්සිකන් ජාතිකයෙක් වන අතර ඔහු පසුව ඇමෙරිකාවේ පුරවැසි බාවය ලබගත්තෙකි.

හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානයට අමතරව තවත් සම්මාන තුනක් 'බර්ඩ්මෑන්' චිත්‍රපටයට හිමි වුණා. හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය ඇලෙක්සැන්ද්‍රෝ ගොන්සා‍ලේස් දිනාගත් අතර හොඳම ස්වතන්ත්‍ර තිරනාටකය වෙනුවෙන් එහි තිරරචනය කළ ඇලෙක්සැන්ද්‍රෝ ගොන්සා‍ලේස්, නිකලස් ජියැකබන්, ඇලෙක්සැන්ඩර් ඩිනලාරිස්, ආමන්දෝ බෝ යන ශිල්පීන් සම්මානයට පාත්‍ර වුණා.

හොඳම කැමරාකරණය වෙනුවෙන් ඉමානුවෙල් ලුබෙස්කි ද ඔස්කාර් සම්මාන දිනාගත්තා. 'බර්ඩ්මෑන්' සම්මාන නවයක් සඳහා නිර්දේශ වූ අතර උලෙළේ වැඩිම සම්මාන ගණනක් සඳහා නිර්දේශ වූ චිත්‍රපට දෙකෙන් එකක් වූයේද 'බර්ඩ්මෑන්' චිත්‍රපටයයි.

ඔස්කාර් සම්මාන උළෙලට පෙර පැවති ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙ‍ලේ දී හොඳම තිරරචනය සඳහා වන සම්මානයත්, (ප්‍රහසන සහ සංගීතමය අංශයේ) හොඳම නළුවාට හිමි සම්මානයත් දිනාගන්නට මෙය සමත් වුණා. රිගන් ලෙස අපූරු රංගනයක යෙදෙන මයිකල් කීට්න් මෙහිදී හොඳම නලුවා ලෙස සම්මාන දිනා ගත්තා.

birdman1

birdman3

birdman4

birdman5

birdman6

ක්‍රීඩා

Connet With Us