ශ්‍රී ලංකා - රුසියා මිත්‍රත්වයේ 58 වන සැමරුම

Published in පුවත්
Saturday, 28 February 2015 12:04

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජතාන්ත්‍රික සම්බන්ධතාවයේ 58 වන සැමරුම ඊයේ(27දා) ශ්‍රී ලංකාව සහ රුසියානු මිත්‍රත්ව සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් කර්චවා මහතාගේ ප්‍රධානත්වයෙන් රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

 එසේම රුසියානු ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයට 56 වසරක් සැපිරීමද ඊයේ දින සමරනු ලැබීය. වසරක් පාසා රුසියානු ශ්‍රී ලංකා මිත්‍රත්වය වර්ධනය කර ගැනීමේ අරමුණින් රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය මගින් මෙය පැවැත්වීම සිරිතකි.

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ආරථික හා සමාජීය  සම්බන්ධතා මුල්වරට ඇරඹුණේ 1958 වසරේදී එස් ඩබ්ලිව් ආර් ඩී  බණ්ඩාරනායක මැතිතුමාගේ කාලයේදීය. මේ යටතේ ශ්‍රී ලංකාවට තාක්ෂණික, කෘෂිකාර්මික හා සමාජ සංවර්ධනය සඳහා එකල පැවති රුසියානු සමුහාණ්ඩුව මගින් අනුග්‍රහය දක්වන ලදී.  

එපමණක් නොව ලාංකීය සිසුන් විශාල ප්‍රමාණයකට  එරට අධ්‍යාපනය ලැබීමේ වරම්, නොමිලේ අධ්‍යාපනය ලැබිය හැකි ශිෂ්‍යත්ව හිමිවිය.

මේ සහයෝගීතාවය ඉදිරියටත් පවත්වාගෙන යාමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් කර්චවා මහතා මෙහිදී ප්‍රකශ කළේය. 

ඡායාරූප - නිශාන්ත ප්‍රියදර්ශන

DNP  1

DNP  2

DNP  3

DNP  4

DNP  5

DNP  6

DNP  7

DNP  8

DNP  9

DNP  10

DNP  11

DNP  12

Last modified on Saturday, 28 February 2015 12:30

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us