චීනය පොර්ට් සිටියට අලුත් පාරකින් එයි Featured

Published in පුවත්
Saturday, 28 February 2015 21:27

ශ්‍රී ලංකාව හා චීනය අතර ද්විපාර්ශවික සම්බන්ධතා වර්ධනය කරගැනීමේ අරමුණින් නාවික සහයෝගීතාවය පිළිබඳවද එකඟතාවයකට දෙරට පැමිණ ඇතැයි වාර්තා වේ.

දෙරට ආශ්‍රිතව ජාත්‍යන්තරව හා අභ්‍යන්තරිකව සිදුවූ යම් යම් වෙනස්කම් හේතුවෙන් දෙපාර්ශවය අතර සම්බන්ධතාවය මේ මොහොතේ වඩා වැදගත්වන බව චීනයේ විදේශ ඇමති වැන්ග් යී මහතා පසුගිය සිකුරාදා ශ්‍රී ලංකා විදේශ ඇමති මංගල සමරවීර මහතා හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියේය.

මෙම සාකච්ඡාවේදී වඩා වැදගත් කරුණක් වූ නමුත් මෙරට මාධ්‍යයෙන් මඟ හැරී ගිය කරුණක් වූයේ '21 වන සියවසේ අලුත් සේද මාවත'ක් නිර්මාණය කිරීමට චීනයෙන් ඉදිරිපත් වූ යෝජනාවය.

මේ යෝජනාව ගෙන එන්නේ ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනය, සමුද්‍ර සම්පත් ආරක්ෂාව පරිසර සංරක්ෂණය මෙන්ම වෙරළාරක්ෂක කටයුතු පිළිබඳ චීන සහයෝගිතාව සමඟය.


මේ අවස්ථාවේ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී චීනය විසින් අනාගතයේ ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් සහ යටිතල පහසුකම් සංවර්ධනයට සහ කාර්මික සහයෝගිත්වය වෙනුවෙන් 21වැනි සියවසේ ඒකාබද්ධ මුහුදු සේද මාර්ගයක්(21st Century Maritime Silk Road) නිර්මාණය කිරීමට යෝජනා කරන ලදී.


එම අදහස සම්බන්ධයෙන් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා ප්‍රකශ කරේ මුහුදු සේද මාර්ගයක් නිර්මාණය කිරීම හරහා අතීතයේදී මෙන්ම ශ්‍රී ලාංකීය ජනතාවට ප්‍රතිලාභ රැසක් අත්විය හැකි බවයි. එසේම ශ්‍රී ලංකාව ආසියාවේ ආයෝජන කිරීමේ ප්‍රමුඛ ගමනාන්තයක් කිරීමට නව රජයේ බලාපොරොත්තු බව මංගල සමරවීර මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් මේ නව සේද මාවත පිළිබඳ යෝජනාව වූ කළී චීනය ඉන්දියන් සාගරයේ නාවික යුධ බලය ශක්තිමත් කිරීම සඳහා ගෙන ගිය වැඩ සටහනේම(String of Pearls) අලුත් මුහුණුවර මිසක වෙනකක් නොවන බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ සැක පහල කරති. හම්බන්තොට වරාය, කොළඹ වරාය නගරය(පොර්ට් සිටි) එම ව්‍යාපෘතියේ කොටස් බව මීට පෙර හෙළිව තිබිණි.

Last modified on Saturday, 28 February 2015 21:33

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us