News Items (18842)
නව රැඟුම් පාලක මණ්ඩලයෙන් ‘ඔබ නැතුව ඔබත් එක්ක‘ ට ප්‍රදර්ශන වරම්
සමන් අතාවුදහෙට්ටිගේ සභාපතිත්වයෙන් යුත් නව ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මගින් ප්‍රසන්න විතානගේ ගේ ‘ඔබ නැතුව ඔබත් එක්ක‘ චිත්‍රපටයේ එකම දර්ශනයක්වත් නොකපා වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටයක් ලෙස ප්‍රදර්ශනය සඳහා අනුමැතිය ලබාදී තිබේ.
යුධ අපරාධ විමසා අපරාධකරුවන්ට දඬුවම් දෙන්න ! යාපනයේ පෙලපාළි
යුද්ධයේ අවසාන කාලයේ සිදුවූ සාමාන්‍ය ජනතාවගේ ඝාතනයන් සහ උතුරේ සිදුවූ යුධ අපරාධ අතුරුදන්වීම් පැහැරගැනීම් ස්ත්‍රී දුෂණ විභාග කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට බල කෙරෙන සාමකාමී පා ගමනක් අද(24) යාපනයේදී පැවැත්විණි.
පෙම්වතෙක් නෑ කියල දුකෙන්ද? ඔන්න දැන් විසඳුමක් තියෙනවා. හැබැයි චීනෙට යන්න වෙනවා.
අම්මා යන්නට ඕනෑතරම් අර්ථකතන ලෝකය විසින් සපයා දී තිබේ. අපේ අම්මා මෙන්ම සෑම අම්මා කෙනෙක්ම ලේ කිරිකර පොවා තම දරුවන් ලොකු මහත් කර දරුවන්ගේ සුභ සිද්ධිය පතති. ඒ වෙනුවෙන් වෙහෙසෙති. හඬා වැටෙති. සුසුම් හෙලති. දරුවන්ටද එසේමය. අම්මා යනු මහ මෙරකි. එය සෑම දරුවෙකුටම එකය. අම්මා නැති කලේ අප්පා කවර කලේ යනුවෙන් කතාවක් පවතින්නේ කට කහනවට නොවේ.
සූරියවැව පොලිස් අත්අඩංගුවට ලක් වූ සැකකරුවකු පහර දීමකින් මිය ගිය බව කියන සිදුවීමට සැකපිට පොලිස් නිළධාරීන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ව්‍යංගාර්ථ රසයෙන් අනූන වූ ‘‘සංක්‍රාන්තියක සැණකෙළි’’
කිසියම් කාව්‍ය රචකයකුගේ හෝ රචකාවියකගේ කාව්‍යය සංග්‍රහයක අන්තර්ගතවන කාව්‍ය නිර්මාණ සියල්ල ම සියයට සියයක් සාර්ථක නොවන බව යථාර්ථයකි.
හොලිවුඩ් පුරවරයේ ඉරිදා(23දා)රාත්‍රියේ පැවති ඔස්කාර් සම්මාන උළෙලේදී 'බර්ඩ්මෑන්' ("Birdman") චිත්‍රපටය ප්‍රධාන සම්මාන හතරක් දිනා ගැනීමට සමත් විය.
දිවයින, සමන් ගමගේ අත්අඩංගුවට ගන්න - පොලීසියට පැමිණිල්ලක්
'දිවයින' පුවත් පතේ සිංහල ජාතිවාදී, මුග්ධ ප්‍රකාශකයෙක් වන සමන් ගමගේ නැමැත්තා විසින් වැලිකඩ සංහාරය සම්බන්ධ සිදුවීම අලලා සම්පාදනය කල ලිපියක් හේතුවෙන් තමන්ට අගතියක් වූ බවට නීතිඥ සේනක පෙරේරා හා ගෝ රයිට් මනව හිමිකම් සංවිධානය පොලීසියට පැමිණිල්ලක් සිදු කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා ලෙස ශ්‍රි ලනීපයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්කිරීම අසාර්ථක වුවහෝත් දිනේෂ් ගුණවර්ධන මහතා නායකත්වය දරන මහජන එක්සත් පෙරමුණේ රෝදය ලකුණෙන් තරග කිරීමට ගෙන තිබු තීරණයද අකුලා ගැනීමට රාජපක්ෂවාදී කල්ලියට සිදුව තිබේ.
ලෝක ප්‍රසිද්ධ කැසිනෝ ව්‍යාපාරිකයෙකු වන ඔස්ට්‍රේලියාවේ ජේම්ස් පැකර් මහතා විසින් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබු කැසිනෝ ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට අත්වන සෙතක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
ජෙම්ස් පැකර්ගේ ක්‍රවුන් සමාගම විසින් අමෙරිකානු ඩොලර් මිලියන 450 ක් වැය කරමින් ශ්‍රී ලංකාවේ කැසිනෝ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පසුගිය ආණ්ඩුව යටතේ සැලසුම් කර තිබිණ.
