හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ සිර්ජා උදයන්ති නොහොත් ෂෙහාසා උදයන්ති මහත්මිය සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ජනමාධය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා හා මෙරට ජපන් තනාපති නොබුහි‍තෝ හොබො මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී මෙරට සිනමා කර්මාන්තය නැංවීම සඳහා ජපන් තාක්ෂණික ආධාර ලබා දීමට තානපතිවරයා එකඟවී ඇත.

අයිඑස්  සටන්කාමීන් ඊජිප්තු ජාතිකයන් විසිඑක් දෙනෙකුගේ ගෙල කපා ඝාතනය කරන ආකාරය දැක්වුණ වීඩියෝව ව්‍යාජ සැකසුමක් බව අනාවරණ වී තිබේ .

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මිළඟ මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා වීමට කැමැති ද නැද්ද යන වග වහා ප්‍රකාශ කළ යුතු බව ශ්‍රීලනිපයේ ජේෂ්ඨයන් පවසති.

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුක්තිය සාධාරණය ඉ‍ටුකිරීම ලබන සතියේ දී ආරම්බවනු ඇතැයි ඔහුගේ දියණිය වන පළාත් සභා මන්ත්‍රිණී

හිරුණිකා පේමචන්ද්‍ර මෙනවිය පවසයි.

කලින් තිබුණු රජයට වඩා වර්තමාන රජය තමන්ගේ ආණ්ඩුකරණය කෙරෙහි වන එළැඹුම තුළට සියල්ලන් ඇතුළත් කර ගැනීමට වැඩි උත්සාහයක් ගන්නා බව පෙනේ. කිසිවෙකු බැහැර නොකිරීමේ මේ ප්‍රවේශය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පලවා හැරීමේ මැතිවරණ ව්‍යාපාරයෙන් දායාද කෙරුණු උරුමයකි. ආණ්ඩු පක්ෂයේ බලය සහ සම්පත්වල ශක්තියට සාර්ථකව මුහුණදිය හැකි වුණේ, පොදු අපේක්ෂකයෙකු වටා පාලක පක්ෂයේ කොටසකගේ ද ආධාර සහිතව සමස්ත විපක්ෂයම පාහේ, එක්රොක් වීම හේතුවෙනි. මේ දේශපාලන පක්ෂවලට විවිධ මතවාද සහ වාර්ගික ඇඟෑලූම්කම් තිබුණත්, පොදු සතුරාව යාන්තමින්වත් පරාජය කර ගැනීමට තරම් වන තමන්ගේ සමස්ත ශක්තිය එකට ගොනු කර ගැනීමට ඔවුහූ සමත් වූහ. ඔවුන්ගේ දේශපාලන වේදිකාවේ රැව් දුන් එක් පොරොන්දුවක් වුණේ, දින 100 වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණයකට යාමයි.

කොට්‌ඨාශ ක්‍රමය පාදනම් කරගත් මැතිවරණ ක්‍රමයට සුළු පක්‌ෂවල දැඩි විරෝධය පළවී තිබේ.

ඇත්තටම මේ දවස්වල අපේ රටේ බොහෝ දෙනා අතර වැඩිපුරම ජනප්‍රිය වෙලා ඉන්නේ කොරියානු නිළියන්. මේකට ප්‍රධානම හේතුව බවට පත්වෙලා තියෙන්නේ අපේ රටේ ටෙලි නාට්‍ය හා චිත්‍රපටවලටත් වඩා කොරියානු නිර්මාණ වේගයෙන් ජනප්‍රිය වෙමින් පැවැතීමයි.

සිරකරුවෝත් මනුෂ්‍යයෝය  කියල ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ඒත් ඇත්තටම මොකක් හරි වැරැද්දකට සිරගත වෙන මිනිස්සුන්ට මනුස්සයයෙක්ට වගේ සැළකුම් ලැබෙනවා හරිම අඩුයි.

එදා නැව් එන්නැති වරාය හදමින් ජාතික ධනය කාබසීනියා කරද්දී නිහඬ ව තිබුණු ‘ජාතියේ හඬ’ නුගේගොඩ දී යළි අවදි විය. මොනරු ලගින ගුවන් තොටුපොළවල රටේ ධනය නිදන් කරද්දී නිහඬ ව තිබුණු ‘ජාතියේ හඬ’ නුගේගොඩ දී යළි ඇසිණි.

Connet With Us