මේවන විට දේශපාලනික වශයෙන් අනාථභාවයට පත්වූ විවිධ අන්තවාදී හා අවලංගු වූ දේශපාලන නායකයන් ලවා තැන තැන රැස්වීම් පවත්වමින් ශ්‍රීලනීප පාක්ෂිකයා බේද බින්න කරවීමේ කුමන්ත්‍රණකාරී ක්‍රියා පිළිවෙත නවතා දමා මහින්ද රාජපක්ෂ තම අදහස සෘජුව පැවැසිය යුතු බව ඔවුන්ගේ මතය වී තිබේ.
එවැනි ඉල්ලීමක් පක්ෂයෙන් කිරීමට මහින්ද රාජපක්ෂ මහතට කිසිදු බාධාවක් නැති බවත් ගෙවල් බිඳින්න පෙර මුට්ටිය දමා බලන හොරා මෙන් විවිධ බංකොලොත් කණ්ඩායම ලවා පරික්ෂාවන් කිරීමෙන් වෙන්නේ යුද්ධය ජයගත් වීරයා තවදුරටත් බාල්දු වීම පමණක් බවත් ඔවුන් පවසති.