ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරු වෙළේ සුදා නොහොත් සමන්ත කුමාර හෙරොයින් ජාවාරමෙන් මාස 6කින් රුපියල් කෝටි 17කට අධික මුදලක් සොයාගත් බවට සඳහන් නඩුව එළැඹෙන 24දා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය අද (19)තීරණය කළාය.

යුක්‍රේනය තුල ක්‍රියාත්මක සටන් විරාම ගිවිසුම බලාත්මක කිරීම සඳහා නැගෙනහිර යුක්‍රේනයට එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව කැඳවා තිබේ.

කුරුලූ උණ රෝග තත්වය ශ‍්‍රී ලංකාවට පැමිණීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් වැඩි සැළකිල්ලක් දැක්වීමට සෞඛ්‍ය අංශ අවධානය යොමු වී අැත. මේ වන විට ඉන්දියාවේ ගුජරාට්, රාජස්ථාන් සහ මධ්‍ය ප‍්‍රදේශ් යන ප‍්‍රාන්ත වල කුරුළු උණ රෝගය සීග‍්‍රයෙන් පැතිරි යාම මෙවැනි අවධානයක් යොමු වීමේ ප‍්‍රධාන හේතුවයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර සාකච්ඡාවක් ඊයේ (18දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ විය. පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා 3 දී පැයකට ආසන්න වේලාවක් මේ සාකච්ඡා පැවැති බව වාර්තා වෙයි.

ඊයේ (2015-02-18) දිනයේ ඓතිහාසික වැදගත්කම පිළිබඳ ඊයේ ම සටහනක් තැබූවෙමි. ඒ සටහනට ඌනපූරණයක් සපයන්නට එකී දිනයේ යළි දේශපාලන පිටියට පැමිණෙන්ට කැසකවන පරාජිතයෝ ම අවකාශ සැලසූහ.

බාල තෙල් සැපයූ සමාගම් සමග ශ්‍රී ලංකා රජය ඇතිකරගත් ගිවිසුම් මෙම වසර අවසන් වනතුරු අවලංගු කිරීමේ හැකියාවක්‌ නැතැයි විදුලිබල හා බලශක්‌ති රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා ඊයේ (18 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැති සමයේ සහ ඉකුත් ජනවාරි මස 9 වැනිදා අලුයම ත්‍රිවිධ හමුදා කණ්ඩායම් විවිධ ප‍්‍රදේශවල ස්ථානගත කිරීමෙන් මහජන ආරක්ෂක පනතට පටහැනිව කටයුතු කර ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සම සම්බන්ධ නොතිසි ඒ මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට දන්වා යැවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18) තීරණය කෙළේය.

මෙවැනි දෙඩවීම් මඟින් මහා ජනතාව ඇවිස්සිය හැකිය. නමුත් තත්කාලීන දේශපාලනයක් තැනිය නොහැකිය. අතීසාරයට අඹුඩ ගැසීමක් බඳු වූ මෙමඟින් තාවකාලික ප්‍රමෝදයක් ලබාගත හැකිය. නමුත් දීර්ඝ කාලීන යහපතක් වෙනුවට රටේ ජනතාව අතර පළල් බෙදීම් ඇතිකළ හැකිය.

‘‘මහින්ද සමග රට දිනවීමට ඔබ සුදානම් ද?’’ යන මැයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ පක්ෂ නායකයින් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් සංවිධාන කෙරුණු ජනරැළියක් මේ වන විට නුගේගොඩදී පැවැත්වේ.

පෝට් සිටි දිගටම?

Published in පුවත්
Wednesday, 18 February 2015 20:22

කොළඹ වරාය නගරයේ ඉදි කිරීම් නතර කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.

Connet With Us