19 ව්‍යවස්ථා සංශෝධනයට රනිල් - නිමල් සාකච්ඡා

Published in පුවත්
Thursday, 19 February 2015 09:44

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර සාකච්ඡාවක් ඊයේ (18දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ විය. පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා 3 දී පැයකට ආසන්න වේලාවක් මේ සාකච්ඡා පැවැති බව වාර්තා වෙයි.

වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඉදිරිපත් කරන ලද කරුණු දින 100 වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට අදාළ සැලැසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලද බව වාර්තා වේ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවලින්, මහජන නියෝජිතයන්ගෙන්, නීතිවේදීන්ගෙන් ලැබෙන යෝජනා පිළිබඳවද අග්‍රාමාත්‍යවරයාගේත්, විපක්ෂ නායකවරයාගේත් වැඩි අවධානයක් යොමු වී තිබෙන බව දැනගන්නට ඇත. අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා ඉදිරියේදීත් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත අතර පක්ෂ නායකයන් සමඟද මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

mawbima

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us