බාල තෙල් ගිවිසුම් අවලංගු කරන්න බැහැ, වන්දි ගන්නත් බැහැ - රංගේ බණ්‌ඩාර

Published in පුවත්
Thursday, 19 February 2015 07:14

බාල තෙල් සැපයූ සමාගම් සමග ශ්‍රී ලංකා රජය ඇතිකරගත් ගිවිසුම් මෙම වසර අවසන් වනතුරු අවලංගු කිරීමේ හැකියාවක්‌ නැතැයි විදුලිබල හා බලශක්‌ති රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා ඊයේ (18 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

මෙම සමාගම් සමග ඇතිකරගත් ගිවිසුම පසුගිය කාලයේදී යළිත් දීර්ඝ කර ඇතැයිද අවශ්‍ය කොන්දේසි එම ගිවිසුම්වලට ඇතුළත් නොකිරීම නිසා බාල තෙල් සැපයීම සම්බන්ධයෙන් වන්දි ලබාගැනීමේ හැකියාවක්‌ නැතැයිද රංගේ බණ්‌ඩාර මහතා කීවේය. බොර තෙල් පමණක්‌ නොව ඉන්ධන ලබා ගනිද්දී ද නියමිත පටිපාටිය අනුගමනය කර නැතැයි කී හෙතෙම පසුව එම සමාගම්වලටම යළිත් තෙල් ගෙන ඒමට අවසර දී ඇතැයි ද කීය.

මීට දින දෙකකට පෙරදීද බාල ඉන්ධන මෙටි්‍රක්‌ ටොන් තිස්‌ දහසක්‌ හරවා යෑවූ බවද රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

අනුර කුමාර දිසානායක මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති රංගේ බණ්‌ඩාර මහතා ඉහත ප්‍රකාශය කළේය.

Last modified on Thursday, 19 February 2015 07:16

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us