ජනවාරී 09 වෙනිදා සිදුවීම: මහින්දට නොතීසි

Published in පුවත්
Thursday, 19 February 2015 07:04

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැති සමයේ සහ ඉකුත් ජනවාරි මස 9 වැනිදා අලුයම ත්‍රිවිධ හමුදා කණ්ඩායම් විවිධ ප‍්‍රදේශවල ස්ථානගත කිරීමෙන් මහජන ආරක්ෂක පනතට පටහැනිව කටයුතු කර ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සම සම්බන්ධ නොතිසි ඒ මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට දන්වා යැවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18) තීරණය කෙළේය.

ඒ අනුව පෙත්සම මාර්තු මස 31 වැනිදා කැඳවීමට තීරණය කළ අධිකරණය එම නොතිසි සියලු වගඋත්තරකරුවන් වෙත යවන ලෙස නියම කෙළේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක වූ දුමින්ද නාගමුව විසින් ගොනු කළ මෙම පෙත්සම අගවිනිසුරු කේ. ශ්‍රීපවන්, ප්‍රියසාත් ඩෙප්, ඊවා වනසුන්දර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි කැඳවන ලදී.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ අවන්ති පෙරේරා මෙනවිය මෙම පෙත්සමෙහි ඉදිරි කටයුතු සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් මහතා පෙනී සිටින බවත්, පෞද්ගලික හේතූන් මත ඒ මහතා ඊයේ (18) අධිකරණයේ පෙනී නොසිටි බැවින් එය වෙනත් දිනයක කැඳවන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා මහතා ඊට විරෝධයක් නොදැක්වූ අතර පෙත්සම සම්බන්ධ නොතිසි නීතිපතිවරයාට පමණක් යැවූ බව සඳහන් කෙළේය.

ඒ අනුව සෙසු වගඋත්තරකරුවන්ට ද නොතිසි යැවීමෙන් පසු පෙත්සම සලකා බැලීමට අධිකරණය තීරණය කෙළේය.

ජනාධිපතිවරයාට සේනාධිනායකයා ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවල ත්‍රිවිධ හමුදාව ස්ථානගත කළ හැක්කේ මහජනතාවට පීඩාවක් වන්නේ නම් හෝ එවැනි තත්ත්වයක් උද්ගතව ඇත්නම් පමණක් බව පෙත්සමෙහි සඳහන් වේ. ඒ සඳහා එවැනි තත්ත්වයක් පාලනය කිරීමට පොලිසියට නොහැකි බව ද තහවුරු වී තිබිය යුතුය.

එහෙත් එබඳු තත්ත්වයක් නොතිබියදී ජනාධිපතිවරණ සමයේ හෝ ජනවාරි මස 09 වැනිදා අලුයම හිටපු ජනාධිපතිවරයා විසින් ත්‍රිවිධ හමුදාව කැඳවා දිවයිනේ විවිධ ප්‍රදේශවල ස්ථාන ගත කර තිබේ.

එය මහජන ආරක්ෂක පනතට පටහැනිව කටයුතු කිරීමක් බැවින් එමගින් මෙරට ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වූ බවට ප්‍රකාශ කරන්නැයි පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.

 

 

dinamina

Last modified on Thursday, 19 February 2015 07:11

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us