News Items (18842)
රේගුව මගින් රඳවා ගෙන තිබූ 'ෆ්‍රන්ට්ලයින්' (Front Line) සඟරාව මුදාහරින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් දී අැත.1987 සැප්තැම්බර් මස වේලුපිල්ලේ ප්‍රභාකරන් සමඟ කළ සාකච්ඡාවක් නැවත පලකර තිබීම හේතුවෙන් 'ෆ්‍රන්ට්ලයින්' සඟරාවේ 30 වැනි කලාපය මෙලෙස රඳවා ගනු ලැබුණි.
සිව්දින ඉන්දීය නිල සංචාරය නිමකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණ අැත.
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මණ්ඩපය සංවිධානයේ සාමාජිකයන් පිරිසකට අද (18දා) පෙරවරුවේදී නුගේගොඩ නගරයේදී ප්‍රහාරයක් එල්ල වී තිබේ. ප්‍රහාරය එල්ල වී අැත්ෙත් 'යක්ෂාගමනයට පෙර විමල් වීරවංශ හා වාසුදේවට ප්‍රශ්න කිහිපයක්' යනුවෙන් සඳහන් අත්පත්‍රිකා බෙදමින් සිටියදීය.
දේශපාලන හිතවත්කම් මත විදේශ දූත මණ්ඩල සේවා සඳහා අනියුක්ත කර තිබූ නිලධාරීන් 50ක් නැවත දිවයිනට කැඳවීමට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පියවර ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉන්දු - ශ්‍රී ලංකා න්‍යෂ්ටික ගිවිසුම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලයි
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කරන ලද සිවිල් න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුම ජාත්‍යන්තර පරමාණුක ශක්ති එජන්සියේ ආරක්ෂක හා අනෙකුත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුල බව අමෙරිකාව පවසයි.
පෙරවාරි 28 වන දින පැවැත්වීමට නියමිත මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩුඉරිප්පු සහ මුහුදුබඩපත්තු පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ තුළ අඩු උනන්දුවක් පවතින බව කැෆේ සංවිධානය පවසයි.
ලෝකයම මවිත කරවන ගොඩනගිලි ඉදි කරන ඩුබායි රාජ්‍යය තවත් විශ්මිත් නිර්මාණයක් සඳහා දැන් වැඩ අරඹා ඇත. අරාබි නිසොල්ලාසයේ එන ඇලඩින්ගේ පුදුම පහණ සජීවී කරණය කරන දැවැන්ත ගොඩ නැගිල්ලක ඉදිකිරීම් සදහා ඔවුන් සූදානම්ය.මෙහි උස කුළුණු 6 කින් යුක්ත වනු ඇත.
ආගමික අයිතීන් සුරැකීමට සිය රජය කටයුතු කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.
උසස් අධ්‍යාපන කැබිනට් අමාත්‍ය ධුරය ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග සාකච්ඡා කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමාට පැවසුවේ යැයි මහාචාර්ය රජිව් විජේසිංහ මහතා පවසයි.
ඉන්දියාවට බලපා ඇති සූකර උණ රෝගය ශී‍්‍ර ලංකාවට ව්‍යාප්තවීම වළක්වාලීම පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කර අැත. එහි මහජන සෞඛ්‍ය සේවා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සරත් අමුණුගම මහතා ප‍්‍රකාශ කළේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මූලිකත්වය ඇතිව එම කටයුතු සිදුවන බවය.
