මහින්දට කරත්ත රෝදෙත් නැතිවෙයි ! Featured

Published in පුවත්
Tuesday, 24 February 2015 10:17

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා ලෙස ශ්‍රි ලනීපයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්කිරීම අසාර්ථක වුවහෝත් දිනේෂ් ගුණවර්ධන මහතා නායකත්වය දරන මහජන එක්සත් පෙරමුණේ රෝදය ලකුණෙන් තරග කිරීමට ගෙන තිබු තීරණයද අකුලා ගැනීමට රාජපක්ෂවාදී කල්ලියට සිදුව තිබේ.

ඊට හේතුව වී ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රි ලනීපය හෝ එහි ප්‍රමුඛත්වයෙන් වන සන්ධානයකින් හෝ මහමැතිවරණයට ඉදිරිපත් වීම සඳහා මේවන විටත් තීරණය කර තිබීමය. මේවන විට ශ්‍රී ලනීප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ ශ්‍රී ලනීපයෙන් හෝ එජනිසෙන් මහින්ද රාජපක්ෂට නාමයෝජනා හෝ ජාතික ලැයිස්තුවෙන් හෝ මන්ත්‍රී ආසනයක් කිසිසේත්ම නොලැබෙන බවය.

මහින්ද අගමැති කරවීම සඳහා යැයි කියමින් පසුගියදා නුගේගොඩ සංවිධානය කර තිබු ‍රැළියෙන් පසුව එම කණ්ඩායක් අතර වූ අර්බුද උග්‍ර වී ඇතැයිද වාර්තා වේ. විමල් වීරවංශට හා උදය ගම්මන්පිලට අවශ්‍යව ඇත්තේ මහින්දව අගමැති කරවීමේ වුවමනා පෙන්වා වෙනම පෙරමුණක් හෝ ගොඩනගා මහමැතිවරණය ඉදිරිපත්ව පාර්ලිමේන්තු මන්ත්‍රීධුර ලබා ගැනීමය. එනමුත් එවැනි නව පෙරමුණක් ගොඩනැගීමේදී හෝ වාසුදේව නානයක්කාර මහතා, මහින්දව උත්කර්ෂයෙන් ඔසවා තැබීමට ගන්නා උත්සාහයට විරුද්ධවී ඇත. එම ‍රැලිය මහින්දව අගමැති කරවීම සඳහා යැයි අර්තකථනය කිරීම සම්බන්ධයෙන්ද ඔහු විරෝධය පළ කර තිබේ. ඔහුගේ මතය එජනිස ශක්තිමත් කිරීම සඳහා මහින්දව ඒ තුලට ගෙන එ මඟින් තරග කළයුතු බවය. දිනේෂ් ගුණවර්ධන මහතාගේ මතය වී ඇත්තේද ශ්‍රීලනීපය හා සන්ධනයකින් තොරව වෙනම තර්ග කළ නොහැකි බවය.

Last modified on Tuesday, 24 February 2015 10:23

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us