පැකර්ගේ කැසිනෝ ව්‍යාපෘතියෙන් ලංකාවට සෙතක් ‍නෑ

Published in පුවත්
Tuesday, 24 February 2015 10:14

ලෝක ප්‍රසිද්ධ කැසිනෝ ව්‍යාපාරිකයෙකු වන ඔස්ට්‍රේලියාවේ ජේම්ස් පැකර් මහතා විසින් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබු කැසිනෝ ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට අත්වන සෙතක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ජෙම්ස් පැකර්ගේ ක්‍රවුන් සමාගම විසින් අමෙරිකානු ඩොලර් මිලියන 450 ක් වැය කරමින් ශ්‍රී ලංකාවේ කැසිනෝ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පසුගිය ආණ්ඩුව යටතේ සැලසුම් කර තිබිණ.

කෙසේ වෙතත් ජනාධිපතිවරණ සමයේදී පොදු අපේක්ෂකව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ විපක්ෂ දේශපාලඥයින් අදාළ ව්‍යාපෘතිය නතර කරන බවට ප්‍රතිඥාවක් දේශපාලන වේදිකාවේදී ලබාදී තිබුණි.

කැසිනෝ වලට බදු නොගසන එකම රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබූ බවත්, එය අපට විශාල ගැටලුවක් වී තිබු බවත් එසේම ආගමික නායකයින්ද මීට විරෝධය පළ කර ඇති බවද අගමැතිවරයා ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත පවසා තිබේ.

ඒ අනුව මෛත්‍රී රජයේ අතුරු අයවැය ඉදිරිපත් කළ දිනයේදී අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ පසුගිය රජය යටතේ ආරම්භ කිරීමට නියමිතව තිබු කැසිනෝ ව්‍යාපෘති තුනක බලපත්‍ර අවලංගු කළ බවයි.

ක්‍රමෝපායික සංවර්ධන පනත යටතේ අනුමත ඇති ව්‍යාපෘති වල කැසිනෝ ව්‍යාපාරික කටයුතු සිදු කිරීම කැබිනට් මණ්ඩලය විසින් තහනම් කර ඇති බවත්, කැසිනෝ හැර එම ව්‍යාපෘතිවල සෙසු සියලූම ව්‍යාපාරික කටයුතු සඳහා බදු සහන ලබා දෙන බවත් එහිදී අගමැතිවරයා අවධාරණය කරන ලදී.

කොළඹ ලේක් හවුස් ආයතනය ඉදිරිපිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබු ඩොලර් මිලියන 450ක් වටිනා එම ව්‍යාපෘතිය අතහැර දමන බව ජේම්ස් පැකර් විසින් පසුගිය දා ප්‍රකාශ කර තිබුණි.

(adaderana)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us