භාණ්ඩ 12කට උපරිම මිලක්

Published in පුවත්
Tuesday, 24 February 2015 08:23

භාණ්ඩ වර්ග දොළහකට උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට්පත්‍රයක් නිකුත් කර තිබේ.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20 (ඉ) වැනි වගන්තිය යටතේ ක්‍රියා කරමින් මෙම ගැසට්පත්‍රය 2015 පෙබරවාරි මස 20 වැනි සිකුරාදා නිකුත් කර ඇත.

ඒ අනුව සුදු සීනි (බහාලුම් රහිත) කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 87ක්ද, සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 පැකැට්ටුවක් රුපියල් 325ක් ලෙසද, කිලෝග්‍රෑම් 1ක පැකැට්ටුවක් රුපියල් 810ක්ද, සස්ටජන් ග්‍රෑම් 400 අසුරණය රුපියල් 1500ක්ද මිල නියම කර ඇත.

මේ අනුව තිරිඟු පිටි (බහාලුම් රහිත) කිලෝවක් රුපියල් 87ක්ද, මුංඇට කිලෝවක් රුපියල් 265ක්ද, ආනයනික හාල්මැස්සන් කිලෝවක් රුපියල් 385ක්ද, ටින් මාළු ග්‍රෑම් 425ක් රුපියල් 140ක්ද, කොත්තමල්ලි ඇට කිලෝවක් රුපියල් 350ක්ද, උඳු ඇට කිලෝවක් රුපියල් 300ක්ද, උම්බලකඩ කිලෝවක් රුපියල් 1740ක්ද වන අතර කහකුඩු කිලෝවක් රුපියල් 800ක්ද, මිරිස් කුඩු කිලෝවක් රුපියල් 400ක් ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම උපරිම සිල්ලර මිල නියම කර තිබේ. මෙම නියෝගය 2015 පෙබරවාරි මස 20 වැනි දින සිට ක්‍රියාත්මක වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්.ජේ. ඩග්ලස් මහතා පැවසීය.

rivira

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us