මහින්දගේ දන් ශාලාවක් යළි තැපැල් දෙපාර්තමේන්තුවට

Published in පුවත්
Thursday, 26 February 2015 08:06

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපති මන්දිරයේ භෝජනාගාරය සඳහා පවරාගෙන තිබූ ජනාධිපති ලේකම් කාර්යාලය අසල පිහිටි තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැගිල්ල නැවත තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රජය තීරණය කර ඇතැයි තැපැල් සහ මුස්‌ලිම් ආගමික කටයුතු ඇමැති එම්. එච්. අබ්දුල් හලීම් මහතා පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ ඇමැතිවරයා, 'යටත් විජිත සමයේ ඉංග්‍රිසීන් විසින් ඉදිකර ඇති මෙම දෙමහල් ගොඩනැගිල්ල ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ගොඩනැගිල්ලක්‌ වෙනවා.

තැපැල් දෙපාර්තමේන්තුව යටත් විජිත යුගයේ සිට තමන්ගේ ප්‍රධාන තැපැල් කාර්යාලය පවත්වාගෙන ගියේ මෙම ගොඩනැගිල්ල තුළයි. නමුත් ජනාධිපති මන්දිරයට සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්‍ෂාවට මෙම ගොඩනැගිල්ල තර්ජනයක්‌ බව පවසමින් පසුගිය රජය මෙහි තිබූ තැපැල් කාර්යාලය කුලී ගොඩනැගිල්ලකට රැගෙන යන ලෙස දන්වා ගොඩනැගිල්ල ජනාධිපති ලේකම් කාර්යාලය යටතට පවරා ගත්තා.'

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us