සිද්ධිය වූ ස්ථානයේදී ස්වර්ණවාහිනී ආයතනයෙන් ලබාගත් සී. ඩී. තැටි දර්ශනවලින් සැකකාර හිමිවරුන් අයුතු ඇතුළුවීමට සම්බන්ධ බව තහවුරුවී ඇති නිසා ඔවුන් අධිකරණයට කැඳවන ලෙස කොල්ලුපිටිය පොලිසිය කරන ලද ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරයා මෙසේ නොතිසි නිකුත් කළේය.
මෙසේ නොතිසි නිකුත් කරන ලද්දේ වැල්ලම්පිටියේ සුමනධම්ම, අමුණුමුල්ලේ ජිනරතන, පස්සරමුල්ලේ පඤ්ඤාජෝති, අරියවංශගම සමිද්ධ, දේවගිරියේ චන්දිස්සර සහ දෙල්වල සරණසිරි යන හිමිවරුන්ටය.
බොදු බල සේනා සංවිධානයේ නියෝජ්‍ය මුදල් ලේකම් වැල්ලම්පිටියේ සුමනධම්ම හිමි ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකි.