මැතිවරණ ක්‍රමය වෙනස් නොකර විධායක ජනාධිපති ක්‍රමය අහෝසියට ශ්‍රීලනිප විරුද්ධයි

Published in පුවත්
Friday, 27 February 2015 08:35

යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව එකඟතාවකට පැමිණීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා ජාතික සභාව නියෝජනය කරන පක්‍ෂ අතර ඊයේ (26 දා) එළැඹි සාකච්ඡා අසාර්ථක වී අතරමග නවතා දමා ඇත.

නව ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එකඟත්වය පළ නොකීරීම නිසා මෙම සාකච්ඡා අසාර්ථක වී තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ දහවල් පැවති මෙම සාකච්ඡාවට ශ්‍රීලනිප නියෝජනය කරමින් විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, මහාචාර්ය ජී. එල්. පීරිස්‌ යන මහත්වරුන්ද, එජාපය නියෝජනය කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ නායක රාවුෆ් හකීම් සහ ඇමැති රිෂාඩ් බදියුදීන්, ද්‍රවිඩ ජාතික සංධානයේ එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරු මීට සහභාගි වී සිටියහ.

රැස්‌වීමට සහභාගි වීමට දින කීපයකට පෙර යෝජිත නව ව්‍යවස්‌ථා සංශෝධනයේ දළ කෙටුම්පත සියලු පක්‍ෂවලට ලබාදී තිබෙන අතර එහි සඳහන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ශ්‍රීලනිප සාකච්ඡාව ආරම්භයේ සිටම විරෝධත්වය ප්‍රකාශ කර ඇත.

මෙහිදී ඔවුන් කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය සහ මැතිවරණ ක්‍රමය එකවර අහෝසි කර නව මැතිවරණ ක්‍රමයක්‌ යටතේ මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බවයි. එහිදී සෙසු පක්‍ෂ නායකයන් පෙන්වා දී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ දේශපාලන පක්‍ෂ පසුගිය ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ පරිදි දින සියයේ වැඩසටහන යටතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතු බවය. මැතිවරණ ක්‍රමය අහෝසි කරන බව හෝ නව මැතිවරණ ක්‍රමයක්‌ ඔස්‌සේ මැතිවරණයක්‌ පවත්වන බවට දින සියය වැඩසටහන තුළ පොරොන්දුවක්‌ දී නැති බවද ඔවුන් පෙන්වා දී ඇත.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය ධුර කාලය තුළ එහි බලතල ප්‍රමාණයක්‌ තබාගෙන ඔහුගෙන් පසු පත්වන ජනාධිපතිවරයාගේ සිට විධායක බලය සම්පූර්ණයෙන්ම අහෝසි කර නව මැතිවරණ ක්‍රමයක්‌ ඔස්‌සේ ඡන්දයක්‌ පැවැත්විය යුතු බව මෙහිදී ඔවුහු අවධාරණය කර ඇත.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට එකඟවිය නොහැකි නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද, එහිදී ද ඒ පිළිබඳ එකඟතාවකට නොපැමිණියොත් එය ජනතාව හමුවට ගෙන යන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

 

 

 

divaina

Last modified on Friday, 27 February 2015 08:37

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us