යහපාලනය හොරුන්ට පැනයා හැකි පාලමක් නොවිය යුතුයි-එස්.එම්. මරික්කාර්

Published in පුවත්
Thursday, 26 February 2015 14:38

යහපාලනය හොරුන්ට පැනයා හැකි පාලමක් නොවිය යුතු බවත් පසුගිය කාලසීමාව තුළ ඝතනයට ලක්වූ අතුරුදහන් වූ මාධ්‍යවේදීන් ගැන හා සුදු වෑන්වලින් පැහැරගත් අය ගැන සෙවීමට කොමිසමක් පත් කළ යුතු බව එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

ඔහු මේ අදහස් පැවසුවේ මුල්ලේරියාව ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂය ශාඛා සමිති ප්‍රතිසංවිධානය කිරීම වෙනුවෙන් පැවති ජනහමු කිහිපයකදීය.

මෙරට ජනතාව තුළ රාජපක්ෂ පාලනය සම්බන්ධව විශාල කළකිරීමක් තිබූ බවත් ,මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කරවීම තුළින් ජීවත් වීමට හැකි වටපිටාවක් සකසා ගැනීම උදෙසා ජනතාව තුළ විශාල බලාපොරොත්තු ප්‍රමාණයක් තිබූ බවත් මරික්කාර් මහතා පැවසුවේය.


එතනෝල් කුඩු ප්‍රවර්ධනය කළ මිනීමැරුම් වලට සම්බන්ධවූ ,තානාපතිවරුන්ට පහරදුන්, මහජන දේපල කොල්ලකෑ දේශපාලඥයින්ට ඉක්මනින් දඩුවම් දේ යැයි ජනතාව විශ්වාස කරන බවත් යහපාලනය හොරුන්ට පැනයා හැකි පාලමක් නොවිය යුතු බව ජනතා විශ්වාසය වන බවත් ඔහු සදහන් කළේය.


අසාධාරණයට ලක්වූවන්ට සහනය ඉටුවීම මෙන්ම මාධ්‍යවේදීන් ඝාතනය කිරීම සහ අතුරුදන් කිරීම් මෙන්ම ජනමාධ්‍යවේදීන්ට සිය රට දමා යාමට සිදුවූ තත්වයන්, සුදු වෑන් භීතිකාව අාදී සියල්ල පිළීබදව පරීක්ෂණ පවත්වා වරදකරුවන්ට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලා රජයට බල කරන බවද ඔහු මෙහිදී පැවසුවේය.

''අපි මාධ්‍ය සංවිධාන වලින් ඉල්ලා සිටිනවා පසුගිය කාලය තුළ සිදුවූ අසාධාරණයන්ට දැක්වූ විරෝධය ජයග්‍රහණය කරවීම සදහාත් අාණ්ඩුවට බල කරන ලෙස.2010 ජනාධිපතිවරණයෙන් සරත් ෆොන්සේකා පැරදුන ගමන් කුදලා ගෙන ගොස් යුධ ජයගුහණය ගැන ෙහා් නොතකා හිරේට දැමූවා ,නමුත් පසුගිය සමයේ සිදුවීම් පිළිබදව ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කටඋත්තර ලබා ගත්තේ නිවසටම ගිහින්''යනුවෙන් පැවසුවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මේ සියලු දේ පිළිබදව පරීක්ෂණ සදහා කොමිසමක් පත් කරන ලෙසයි.

Last modified on Thursday, 26 February 2015 14:40

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us