සුදර්මන් රදලියගොඩ අධිකරණයට භාරවෙයි

ස්වාධීන රූපවාහිනි සේවයේ ප‍්‍රවෘත්ති අංශයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුදර්මන් රදලියගොඩ අද (10)පෙරවරුවේ අධිකරණයට භාර වී ඇත.

පළමු විධායක අගමැති රනිල්ද ..මහින්දද.. එන මැතිවරණය ගල උඩ සටනක් මැයෙන් විමල් වීරවංශගේ වෙබ් අඩවියේ පුවතක් පළ කර ඇත. ඊට අදාල කර ගෙන ඇත්තේ ඊයේ විමල් වීරවංශ, වාසුදේව නානයක්කාර, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ තොරතුරු ගොන්නකි.

ළමා රක්ෂක අධිකාරියට නව සභාපතිවරියක හා උප සභාපතිවරයෙකු නිල වශයෙන් නම් කිරීමට නියමිත බව ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

ඊමේල් පණිවිඩ හරහා විශාල මුදල් ගනුදෙනු කරන මෙරට ප්‍රධාන පෙළේ ආයතන හා අපනයන ව්‍යාපාරිකයන් පස්දෙනකු සංවිධානාත්මක සයිබර් කල්ලියකට හසු වී ඩොලර් ලක්ෂ 10කට අධික මුදලක් අහිමිකර ගෙන ඇති බව වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.මෙම මුදල ශ්‍රී ලංකා මුදලින් කෝටි 13කට අධික බව ද ඒ මහතා සඳහන් කළේය.

දුමින්ද CID යේ

Published in පුවත්
Tuesday, 10 February 2015 10:04
කොළඹ  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මින් සුළු මොහොතකට පෙර නීතිඥවරුන් දෙදෙනෙකු සමග රහස් පොලිසියට පැමිණියේය.

ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරු ලෙස පත්වූ කේ. ශ්‍රී පවන් මහතා සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ලෙස පත්වූ උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන මහත්වරු පිළිගැනීමේ නිල උත්සවය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ කොළඹ අළුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේදී පැවැත්විණි.

ඡේම්ස්‌ පැකර් නැතත් අදාළ හෝටල් ව්‍යාපෘතිය නතර වී නැති බවත් එය එහි දේශීය ආයෝජකයා විසින් කරගෙන යන බවත් ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

කොළඹ මහ නගර සභාවට අයවිය යුතු රුපියල් ලක්ෂ 600ක මුදලක් නීති වි‍රෝධී ලෙස යුද හමුදාවට ලබාදීම පිළිබඳ වහා ම පරීක්ෂණයක් පවත්වන්නැයි නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා අල්ලස් හෝ දූෂණ ‍පරීක්ෂණ කොමිසමට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us