පැරදී ගෙදර ගිය හිටපු ජනාධිපතිවරයා සහභාගි වන බෝධි පූජා සංදර්ශනයක් වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා ශ්‍රී ලනිප පාක්ෂිකයන් වෙත යවා තිබෙන ලිපියක දැක්වෙන්නේ "අපගේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා"සහභාගී වන බෝධි පුජා පිංකමක් ගැනය.

විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීම සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්මත කිරීම යන කරුණු දෙකින් ප‍්‍රමුඛත්වය ලබාදිය යුත්තේ කුමන කාරණයටද යන්න සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තරයේ බරපතළ මත ගැටුමක් ඇති වී තිබේ.

පසුගියදා සමුහ දූෂණයට ලක්වී ඝාතනය කරන ලද යාපනයේ කයිට්ස් හී පාසල් ශිෂ්‍යාවක වූ සිවලෝගනාදන් විත්‍යාගේ එම සිදු වීමට සම්බන්ධ වීඩියෝ පටය මේ වන විට අතුරුදන්ව ඇති බව වාර්තාවේ.

විදේශ රටවල සේවයේ යෙදෙන අතරතුර නැසී ගිය සහ ආබාධිත වූ ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ පවුල් වෙත වන්දි මුදල් ලබාදීමේ වැඩසටහන අද (28)විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යාශයේ පැවැත්වුණි.

මහාමාර්ග අංශයේ දූෂණ විමර්ශන ඒකකයක් පත් කිරීම සදහා වූ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්ත මහතා පැවසුවේය. අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව දැනුම් දුන්නේය.

ඊයේ(27) කුරුනෑගල ප්‍රදේශයේ සම්මන්ත්‍රණයක් ඇමතූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරේ මට හොදටම විශ්වාසයි ජනාධිපතිවත් අගමැතිවත් රාජපක්ෂ පවුල හොරාකාපු මහජන මුදල්වලට එරෙහිව නීතිමය පියවර ගන්නෙ නෑ කියන කාරණය.

කොළඹ නගර ව්‍යාපෘතිය (Colombo Port City) අධීක්ෂණයට හා වාර්තා කිරීමට ලේකම්වරුන්ගෙන් යුත් කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

20ට තවත් සංශෝධන

Published in පුවත්
Thursday, 28 May 2015 12:43
නව පාර්ලිමේන්තුව තුල හිමිවන ආසන ප්‍රමාණය සම්බන්ධයෙන් සුළු පක්ෂවලින් මතුවූ විරෝධය හේතුවෙන් කැබිනට්  මණ්ඩලයට 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණීමට නොහැකි වී ඇතැයි පැවසේ. 

ld add copy

Connet With Us