ඉන්ධන මිල ගණන් අඩු කිරීම සහ අතුරු අයවැයෙන් ඉදිරිපත් වූ සහන අනුව හතරදෙනකුගෙන් යුතු පවුලකට රුපියල් හත්දහස්‌ පන්සියයක පමණ වාසියක්‌ හිමිවන බව වැවිලි කර්මාන්ත ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඊයේ කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා වරාය නගරය ඉදි කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලද බව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද දින ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් විමසනු ලැබුවා එහිදී ඊට පිලිතුරු දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසූවේ ඒ සම්බන්ධයෙන් වන ගැටළු පවතින බවත් ඒ පරික්ෂා කිරීමන් පසුව තීරණයක් ගන්නා බවත්ය.

දේශ සීමා උල්ලංඝණය නොකර රට තුළ සිවිල් යුද්ධයක් ජයග්‍රහණය කිරීමෙන් පසු ඉතා කෙටි කාලයක් තුළ ඒ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම ලෝකයේ කිසිදු රටක සිදු නොවන්නක් බව ආචාර්ය දයාන් ජයතිලක මහතා මහතා පවසයි.

ජීවන වියදම් පිළිබද කැබිනට් අනුකාරක සභාව නැවත ස්ථාපිත කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

චීන ජනාධිපති වරයාගේ විශේෂ නියෝජිත සහකාර විදේශකටයුතු අමාත්‍ය ලියු ජියාන්චොවු  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාව අද දින අරලියගහ මන්දිරේදී හමුවිය.

පසුගිය රජය සමයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති 'අපි වෙනුවෙන් අපි' ගිණුමේ මුදල් පසුගිය දෙසැම්බර් මස විදේශයන්හි ඇති ගිණුම් හතරකට යැවීම පිළිබඳව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ විශේෂ විමර්ශනයක් රජය ආරම්භ කර ඇතැයි පැවසේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරණතුංග ගම්පහ දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට අවතීර්ණ වීමට නියමිතය. බොහෙ‍ා් දුරට ලබන 8දා ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට උපහාර පිදීමේ රැළියට ඔහු සහභාගිවනු ඇතැයි දිණමිණ පුවත්පත අනාවරණය කරයි.

රුපියල් කෝටි සියයක පමණ වියදමින් ඉදි කරන බව කියන සුපිරි භාවනා මධ්‍යස්ථානයක් කඩවත ඉඹුල්ගොඩ රාජසිංහ මාවතේ ඇතැයි නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා අනාවරණය කළ‍ේය.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us