නව ව්‍යවස්ථාව ඕකේ, අගමැති නෝ කතා, තීරණේ වෙසක් පෝයට පසුව

Published in පුවත්
Wednesday, 03 May 2017 23:30

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පස්වරුවේ පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකදී රැස්වූ අවස්ථාවේදී එම කමිටුව නියෝජනය කරන විද්වත් මණ්ඩලයේ ව්‍යවස්ථා යෝජනා කෙටුම්පත සභාගත කර තිබේ.

එහිදී ජනාධිපති ක්‍රමය හා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් කරුණු නිශ්චිතව ඇතුලත්ව නැතැයි පවසමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විරෝධතාවයක් ගොනුකර ඇත.එහිදී, එම කරුණු සැලකිල්ලට ගෙන ඇති අගමැතිවරයා, එම කරුණු ද ඇතුලත් වූ යෝජනා මීළඟ රැස්වීමට ඉදිපත් කරන්නැයි කමිටුවේ ලේකම්වරයකු ලෙස කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන උරේෂා ප්‍රනාන්දු මහත්මියට උපදෙස්දී තිබේ.

එකී නිර්දේශද සමග හෙට පෙරවරු 11.00ට කමිටුව යලි රැස්වීමට යෝජනා වී ඇතත්, උගුරේ ඇතිව තිබෙන අබාධයක් හේතුවෙන් තමාට හෙට දිනයේ වෛද්‍ය පරීක්ෂණයකට මුහුණදීමට සිදුව ඇති බැවින්, වෙසක් පොහොයෙන් පසුව ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව යලි රැස්කිරීමට අගමැතිවරයා ඉල්ලීමක් කර ඇත. ඒ අනුව විද්වත් කමිටුවේ නිර්දේශ ද සමග 23, 24, 25 තෙදින රැස්වී ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් එකඟත්වයක් ඇති කර ගැනීමට තීරණය කර තිබේ.

අද පැවති මෙහෙයුම් කමිටු රැස්වීමට නිමල් සිරිපාල ද සිල්වා, ආර්. සම්පන්දන්, දිනේෂ් ගුණවර්ධන, අනුර දිසානායක, චම්පික රණවක, සුමන්තිරන්, ජයම්පති වික්‍රමරත්න, බිමල් රත්නායක ආදී කමිටු නියෝජිතයින් රැසක් සහභාගිවී ඇත. ඊට සහභාගී වූ පක්ෂ නායකයකු පැවසුයේ, ව්‍යවස්ථාව කඩිනමින් සම්මත කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ උනන්දුවක් අගමැතිවරයාට නැති බව මේවනවිට තහවුරු වී ඇති බවයි. අද පැවති මෙහෙයුම් කමිටු රැස්වීමේදී ද අගමැතිවරයා, ඔහුගේ පාසල් මිතුරු ඒකාබද්ධ විපක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සමග සුපුරුදු පරිදි විහිළු තහළු කරමින් කාලය කාදැමු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර අද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම හා ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණයන් සඳහා වන කටයුත්තට එම පක්ෂය වැඩි බරකින් යුක්තව මැදිහත් වන බවය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us