හේමසිරි ප්‍රනාන්දු මහතා මහජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ. ඔහු ජාතික ඔලිම්පික් කමිටුවේ වර්තමාන සභාපතිවරයා මෙන්ම කලක් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපතිවරයා ලෙසින්ද කටයුතු කර තිබේ.

ළමා හිංසන සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයින්ට ජිවිතාන්තය දක්වා සිරදඩුවම් ලබාදීමට අදාලව නීති සංශෝධනය කිරීමට රජය සුදානම් වේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ගම්පොළවිදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේසුදා පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතාට ණයට මුදල් ලබා දී ඇති බව කරුණු අනාවරණය කර ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ලාලිත්‍ය කෞශල්‍ය නමැත්තාගෙන් හා එවැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ද මන්ත්‍රිවරයා මුදල් ලබා ගෙන ඇති බවට වෙලේ සුදා රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ කරුණු ඉදිරිපත් කර ඇත.

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද උදෑසන 9 සිට පැය 30ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

දේශපාලන වශයෙන් අනාථවූවන් එකතු කර මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු නව දේශපාලන පෙරමුණක් ගොඩ නැගීම සඳහා ගත් උත්සහය ආසාර්ථක වීමෙන් පසුව මහින්ද රාජපක්ෂ ශ්‍රී ලනීපයේ අගමැති අපේක්ෂකයා කර වීරවංශ ඇතුළු කණ්ඩායමද ශ්‍රී ලනීපයට එක්වීමේ සූදානමක් ගැන කරුණු අනාවරණය වේ.

‍විවිධ හේතු මත පසුගිය කාලය තුළ මේරට හැර ගිය මාධ්‍යවේදීන් කිසිවකුට එරෙහිව කිසිම චෝදනාවක් පොලීසිය වෙත ලැබී නැති බවත්, එම නිසා ඔවුන්ට මෙරටට පැමිණීමේදී නීතිය ක්‍රියාත්මක කිරීමේ සූදානමක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ඉදිරියටත් චීන රජයේ උපරිම දායකත්වය ලබාදෙන බව චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත චීන සහකාර විදේශ අමාත්‍ය ලියු ජියාන් චෝවු (Liu Jian Chao) මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ කියා සිටියේය.

යාපනය අර්ධද්වීපයේ ඇතැම් ප්‍රදේශවලින් යුද හමුදාව ඉවත් වනවාට එම ප්‍රදේශවල සාමාන්‍ය ජනතාව කිසිදු කැමැත්තක්‌ නැතැයි යාපනය ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් ජගත් අල්විස්‌ මහතා පැවැසූ බව දිවයින පුවත්පත වාර්තා කරයි.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us