රේගු අධ්‍යක්ෂ ජනරාල් සුභසාධනේ සල්ලි වලින් ජෝගී නටයි

Published in පුවත්
Monday, 08 May 2017 10:32

රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා අත්තනෝමතික ලෙස රේගු නිලධාරීන්ගේ සුභසාධන සහ වන්දි අරමුදල (COM & T ) අවභාවිතයේ යොදවන බවත් ඒ හමුවේ එම අරමුදල බරපතල මුල්‍ය අවදානමකට ලක්ව ඇති බවත් රේගු වෘත්තීය සමිති චෝදනා කර සිටියි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් එම වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රේගුවේ විමර්ශන හරහා රජයට අය කෙරෙන දඩ මුදල් වලින් යම් ප්‍රතිශතයක් හරහා ගොඩනගා ඇති නිලධාරීන්ගේ සුභසාධන සහ වන්දි අරමුදල තිබෙන්නේ රේගු නිලධාරීන්ගේ පුහුණුවීම් සහ වන්දි ප්‍රධාන සඳහා වුවත් වත්මන් රේගු අධ්‍යක්ෂවරයා, අරමුදල සතු ලක්ෂ ගණනක මුදල් යොදවමින් සීමිත නිලධාරීන් පිරිසකගේ හොඳහිත දිනාගැනීමේ පෞද්ගලික ව්‍යාපෘති දියත් කරමින් සිටින බවය.

රේගු නිලධාරීන්ගේ සුභසාධන සහ වන්දි අරමුදලින් රුපියල් ලක්ෂ 78 කට අධික මුදලක් වෙන්කර capacity building workshop for senior officers 2017 නමින් 2017 -05-15 වනදා සිට 2017-05-20 වනදා දක්වා සංවිධානය කර ඇති වැඩසටහනද එවැනි තවත් එක් ව්‍යාපෘතියක් බව සඳහන් කරන වෘත්තීය සමිති වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අදාළ වැඩසටහනට සහභාගීවීමට අපේක්ෂිත රේගුවේ ජේෂ්ඨ නිලධාරීන් සියලු දෙනා කාර්යක්ෂමතා කඩයිම් විභාග සමත්ව ඇති බවත් එවැනි පිරිසකට මුල්‍ය රෙගුලාසි, ආයතන සංග්‍රහය සම්බන්ධ වැඩසටහන් පැවැත්වීමේ අවශ්‍යතාව කුමක්ද යන්න රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිළි කළ යුතුව ඇති බවය.

එසේම මෙම වැඩසටහනට කැඳවා ඇති නිලධාරීන් අතුරින් නිලධාරීන් 10ක් 2017 වසරේ විශ්‍රාමයාමට නියමිත බවත් තවත් නිලධාරීන් 10ක් 2018 වසරේ සහ නිලධාරීන් 06ක් 2019 වසරේ විශ්‍රාමයාමට නියමිත බවද පෙන්වා දෙන වෘත්තීය සමිති වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ එවැනි පිරිසකට පුහුණුවක් දීමට හෝටල් සඳහා රුපියල් ලක්ෂ 58ක් සහ සංගීත කණ්ඩායම ඇතුළු අනෙකුත් වියදම් සඳහා ලක්ෂ 20ක් ලෙස වියදම් දක්වා සංවිධානය කරන්නට යන මෙම වැඩසටහන අධ්‍යක්ෂ ජනරාල්ගේ පෞද්ගලික ව්‍යාපෘතික් වෙනුවෙන් සේවක අරමුදල නිකරුණේ වැයකරන්නක් බව සනාථ කරන බවය.
එසේම මීට පෙරද සිය හිතවත් සීමිත නිලධාරීන්ට විදෙස්ගතවීම ඇතුළු විවිධ කාරනා වෙනුවෙන් වියදම් කිරීමට රේගු නිලධාරීන්ගේ සුභසාධන සහ වන්දි අරමුදල යොදා ගැනීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කළ බවත් තම අරමුදල භාරව සිටින මුදල් අමාත්‍යංශය පවා මෙවැනි අර්ථ විරහිත කටයුතු අනුමත කර මුදල් වෙන්කිරීමට කටයුතු කිරීමද ගැටළු සහගත බවද ඔවුන් සඳහන් කරයි.

වෘත්තීය සමිති විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙත එල්ලකරන මෙම චෝදනා සම්බන්ධව වැඩිදුර කරුණු විමසීම සඳහා අප අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ නමුත් එම උත්සාහය සාර්ථක වුයේ නැත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us