ස්වර්ණවාහිණියේ රොත්තක්ම මැක්ස් ටීවී ආයතනයට ! ඉතිරි වුන් තනතුරුවලට පොරකයි

Published in පුවත්
Sunday, 07 May 2017 22:39

ස්වර්ණවාහිනී රූපවාහිනී සේවයේ සේවකයන් විශාල ප්‍රමාණයක් මේ වන විටත් මැක්ස් රූපවාහිනි ආයතනයේ සේවයට ගොස් තිබීම නිසා ආයතනයේ විකාශන කටයුතු පවත්වාගෙන යාමේ අර්බුදයක් ද මතුව තිබෙන බව වාර්තාවේ.

මේවන විට එම ආයතනයේහි සේවය කරන තවත් කණ්ඩායමක් නුදුරේම මැක්ස් ටීවී ආයතනයේ සේවය සඳහා යමට නියමිත බවත් පැවසේ. මහින්ද රාමනායක මහතාට අයත්ව තිබු මැක්ස් ටීවී ආයතනයේ රූපවාහිනී හා ගුවන් විදුලි බලපත්‍ර මේ වන විට අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් පර්පෙක්චුවල් සමාගම විසින් එකඟතා ගිවිසුමක් අනුව පවරා ගෙන ඇති බව පැවසේ. නව හිමිකාරිත්වය යටතේ එළඹෙන ජුනි මාසයේදී පමණ රූපවාහිනී විකාශය හා ගුවන් විදුලි විකාශය ආරම්බ කිරීමට නියමිත බවත් දැන ගැනීමට තිබේ.

ඊ එපී සමූහ ව්‍යාපාරයට අයත් ස්වර්ණවාහිනී ආයතනය ඇතුලු එම සමාගම් සමූහය මේවන විට දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ පා තිබෙන අතර මේ වන විට ශ්‍රීලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ පාලනය වෙයි. එම සමාගමේ සභාපති තනතුරට මනෝ තිත්තවැල්ල මහතා පත් කර තිබුනේද මහ බැංකුව මඟිනි.

මෙම සමාගම් සමූහය, ලාෆ් සමාගමේ අධිපති වෑගපිටිය මහතා විසින් මිලදී ගැනීමට පසුගිය දිනවල සූදානමක් තිබිණි.

කෙසේ නමුත් ස්වර්ණවාහිණී ආයතන්යේ කළමණාකරුවන්, වැඩසටහන් නිශ්පාදකයන්, වැඩ සටහන් ඉදිරිපත් කරන්නන් මෙන්ම තාක්ෂණික ශිල්පීන් ගනනාවක්ම ඉවත්ව යාමත් සමඟ උසස්වීම අපෙක්ෂාවෙන් සිටින ඉතිරි සේවකයන් මේ වන විට තනතුරු වෙනුවෙන් පොරකන තත්වයක් ආයතනය තුල ඇතිව තිබෙන බවත් වාර්තාවේ. මේවන විටත් ආයතනයේ කළමනාකාරිත්වය වෙත එක් එක් සේවකයන් ගැන නිර්නාමික පෙත්සම ගනනාවක් යොමුව ඇති බවත් පැවසේ.

Last modified on Sunday, 07 May 2017 22:44

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us