දුෂණ මර්දන ලේකම් කාර්යාලය වසා දැමීම ගැන තවම තීරණයක් නෑ ලු

Published in පුවත්
Monday, 08 May 2017 14:53

දුෂණ මර්දන ලේකම් කාර්යාලය වසා දැමීමට කටයුතු කර ඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කොට තිබේ. ඒ පහත දැක්වේ.වත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම හේතුවෙන් මෙම කාර්යාලය වසා දැමීමට කටයුතු කරමින් පවතින බවට විපක්ෂ කණ්ඩායම් වලින් චෝදනා එල්ලවෙමින් පවතී.

 

විශේෂ ප්‍රවෘත්ති නිවේදනය

අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ පවත්වාගෙන යනු ලබන දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දමන බවටත්, එහි කාර්යයන් අඩපණ කරලීමට යම් යම් පාර්ශවයන් උත්සාහ කරන බවටත් සඳහන් කරමින් පසුගිය දින කීපය තුළ ජනමාධ්‍ය ඔස්සේ පළ කෙරුණු ප්‍රවෘත්ති සම්බන්ධව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අවධානය යොමු වී ඇත.

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය 2015 දී ස්ථාපිත කෙරුණේ දූෂණ සහ වංචා පිළිබඳව ලැබෙන මහජන පැමිණිලි නිරීක්‍ෂණය කොට, පදනම් සහගත පැමිණිලි අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසම වෙත හෝ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත යොමු කිරීමට ය.

මේ කාර්යයන් විධිමත් කරලීම සම්බන්ධව දැන්, අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසම, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හා දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය යන ආයතන තුනම නියෝජනය කරන නිලධාරීන් ඇතුළත් කමිටුවක් විසින් විශේෂ වාර්තාවක් සකස් කෙරෙමින් පවතී.
තවදුරටත් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පවත්වාගෙන යන්නේ ද, එහි කාර්ය භාරය සංශෝධනයකට ලක් කරන්නේ ද, එසේත් නැතිනම් අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසම සහ පොලිස් මුල්‍ය අපරාධ කෙට්ඨාශය සමග සමාන්තර මට්ටමකින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට වගකීම් පවරන්නේ ද යන්න පිළිබඳ අවසන් නිගමනයකට එළැඹෙනුයේ පෙර කී වාර්තාවේ නිර්දේශයන් අනුව ය.

2017 මැයි 08

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us