මහින්ද - ජවිපෙ හවුලෙන් තෙල් ටැංකි ටිකවත් බේරාගත යුතුයි

Published in පුවත්
Saturday, 06 May 2017 09:50

ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය රජය විසින් ඉන්දියාවට විකුණනවා යැයි පවසමින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඒකාබද්ධ විපක්‍ෂයට අයත් වෘත්තීය සමිති කොටස් හා ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති එක්ව නැවත වතාවක් තෙල් සංස්ථාවේ අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකරනවා යැයි තර්ජනාත්මක මත පතුරුවමින් තිබේ.

තෙල් ටැංකි සම්බන්ධයෙන් පට්ට පල් බොරුවක් සමාජ ගත කරමින් මෙම දෙපිරිසම රට රවටමින් තමන්ගේ දේශපාලන පැවැත්ම කුමන හෝ ආකාරයකින් නඩත්තු කර ගැනීමට දරණ කාලකණ්නි උත්සාහයක් මිස මෙහි කිසිදු සාධනීය ගුණයක් ඇත්තේ නැත. සයිටම් ප්‍රශ්නය සම්බන්ධයෙන් ජවිපෙ, මහින්දවාදීන්ගේ නායකත්වය යටතේ වැඩ වර්ජනයකට සම්බන්ධ වීම පසුගියදා දකින්නට ලැබුණු තවත් එවැනි කාලකණ්නි අත් දැකිමකි.

රටක සංවර්ධනයේදී  තමන් සතුව වන සම්පත් හා හැකියාවන් යොදා ගැනිම  ඒ රටට ගැලපෙන ඊට ඔරොත්තු දිය හැකි ආකාරයට ඒ සැලසුම් කළ යුතුවා මිස  කළ නොහැකි , දැරිය නොහැකි ව්‍යාපෘති ගැන නන්දෙඩවීමෙන් පළක් වන්නේ නැත.  ජවිපෙ වැනි සංවිධාන හැමදාම කළේ තමන්ගෙ මනෝ ලෝකවල තිබෙන ප්‍රායෝගික නොවන විසැඳුම් ඉදිරිපත් කිරීමය. මේ විසැඳුම් ගොන්නත් සමග පවතින ආණ්ඩුවට එරෙහිව ඒ වන විට පවතින විපක්ෂය සමඟ ඒක් වී ආණ්ඩු පෙ‍රැලිවලට දායක වීම ඔවුන්ගේ සදාකාලික නොවෙනස් දේශපාලනය බවට පත්ව තිබේ.  ඒ ගැන අනුකම්පා කළ හැකි වූවත් මහින්ද රාජපක්ෂ උන්නැහේ තමන් විසින්ම ඉන්දියාව සමඟ එළැබුණු ගිවිසුමට එරෙහිව පෙනී සිටීම මොන තරම් තක්කඩි වැඩක් දැයි අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. සයිටම් ප්‍රශ්නය සම්බන්ධයෙන්ද රාජපක්ෂගේ උත්තරය අනුව ඔහු කවර තරමේ තක්කඩි දේශපාලකයකුද යන්න වටහා ගත හැක.

ආණ්ඩුව කරවන පාර්ශ්වය  මහින්ද - ජවිපෙ හවුලෙන් තෙල් ටැංකි ටිකවත් බේරා ගෙන රටේ සංවර්ධනය සම්බන්ධයෙන් තිබෙන වැඩ පිලිවෙල ක්‍රියාවට නැංවීමට සමත් වීම විය යුතුය. මේ ඊනියා විපක්ෂය කටයුතු කරන්නේ බල්ල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට කන්න දෙන්නෙත් නෑ තියරියෙනි.  බල්ලට පයින් දෙකක ඇණ පලවා හැරීමට ආණ්ඩුව අසමත් වන්නෙ නම් වෙන්නෙ බඩ ගින්නෙ සිට මැරෙන්නටය. ඒ ආණ්ඩුවට පමණක් නොව සමස්ත රටටම අත් වෙන ඉරණමකි.

කෙසේ නමුත් පසුගියදා චම්පික රණවක ඇමැතිවරයා මෙම තෙල් ටැංකි සම්බන්ධයෙන් විශේෂ හෙලිදරව් කිරීමක් සිදු කොට තිබිණි. එහිදී ඔහු දැක්වූ අදහස් පහත දැක්වේ.



‘ මහින්ද රාජපක්‍ෂ මහතා 2013 වසරේදී පී. බී. ජයසුන්දර මහතාව ඉන්දියාවට යවා ත්‍රීකුණාමල තෙල් ටැංකි සම්බන්ධව ඇතිකරගත් එකඟතා වහාම රටට හෙළි කළයුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 2013 මැයි මස 25 වන දා 'ද හින්දු' වෙබ් අඩවියේ පලවූ වාර්තාවේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා පිළිතුරු දිය යුතු බව ඇමතිවරයා කියා සිටියි.

ඇමතිවරයා සයිබර් අවකාශයට වීඩියෝවක් මුදා හරිමින් එබව සඳහන් කර ඇත.

එම වීඩියෝ පටයේ මෙසේද සඳහන්වේ.

ත්‍රීකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරා දීමේ කිසිදු යෝජනාවක් වත්මන් රජයේ කිසිවෙකුත් කිසිම අවස්ථාවක සාකච්ඡා කර නැහැ. සාකච්ඡා කර තිබෙන කරුණ 2002 වසරේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූවක්.

එනම්, දැනටමත් රටේ ක්‍රියාත්මක ඉන්දියානු ඔයිල් සමාගම එහි බෙදා හැරීම් කටයුතු සිදුකරන සී.පී.එස්.ටී.එල්. සමාගම හරහා සී.පී.සී. ආයතනය නොහොත් ශ්‍රී ලංකා තෙල් සංස්ථාව සමග ඒකාබද්ධ ව්‍යාපාරයකට එකතු කර ගැනීමයි.

ඉන්දියාවට දුන් පොරොන්දු ?


වත්මන් තත්ත්වය එසේ වුවත් අද වන විට මහින්ද රාජපක්‍ෂ මහතා තෙල් ටැංකි බේරා ගැනීම සඳහා ඔහුගේ ඒකාබද්ධ විපක්‍ෂයේ වෘත්තීය සමිති මෙහෙයවමින් සිටියි.

එහෙත්, 2013 වසරේ මැයි මාසයේදී මහින්ද රාජපක්‍ෂ මහතා එවකට ඔහුගේ ආර්ථික කටයුතු හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී. බී. ජයසුන්දර ඉන්දියාවට යවා විශේෂ පොරොන්දු කිහිපයක් ලබා දී තිබේ.

එම ඉන්දියානු සංචාරයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හෝ ඉන්දියානු රජයට ඉදිරිපත් කළ පොරොන්දු සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් හෝ අදාල රේඛීය අමාත්‍යාංශයේ හෝ ආයතනවල කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැත.

'හින්දු' පුවත්පත් වාර්තාව :

එහෙත් 2013 මැයි මස 25 වනදා 'ද හින්දු' පුවත්පත සහ 'ද හින්දු' වෙබ් අඩවිය (http://www.thehindu.com/business/Industry/ioc-ceylon-petroleum-set-to-form-jv/article4746943.ece) අනාවරණය කරන්නේ ඉන්දියානු ඔයිල් සමාගම සහ ශ්‍රී ලංකාවේ තෙල් සංස්ථාව ඒකාබද්ධව සමාගමක් පිහිටුවීමට පී. බී. ජයසුන්දර මහතා යෝජනා කරගත් බවයි.

කෙසේ වෙතත් මෙම එක`ගතාව සම්බන්ධයෙන් කිසිදු කරුණක් කැබිනට් මණ්ඩලයට හෝ වෙනත් ආයතනයකට ඉදිරිපත් කර නැහැ.

ඒ අනුව, 2013 මැයි මාසයේ මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පී. බී. ජයසුන්දර ඉන්දියාවට යවා සිදුකළ සාකච්ඡාවල සටහන් මෙන්ම දුන් පොරොන්දු මොනවාද යන්න රටට අනාවරණය කළ යුතුයි.

එහිදී ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් තවත් කරුණු ගණනාවක් පිළිබඳව වූ සාකච්ඡා කරුණු මොනවාද, ඒ වගේම, ශ්‍රී ලංකාවට ද්‍රව වායු හඳුන්වාදීම සම්බන්ධයෙන් සහ ඒ ආශ්‍රීතව සිදුකළ සාකච්ඡා මොනවාදැයි කියා රටට හෙළිකරන ලෙස ඉල්ලා සිටිය යුතුයි.

තෙල් ටැංකි ජනසතුව :

1961 ඉලංගරත්න මැතිතුමා තෙල් ටැංකි ජනසතු කිරීමෙන් පසු ඒවායේ තෙල් ගබඩා කර තිබූ බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් ආයතනය, ෂෙල් සමාගම ඇතුලූ ජාත්‍යන්තර ආයතන තම තෙල් ටැංකි පද්ධතිය සිංගප්පූරුවට රැගෙන යෑමට කටයුතු කළා.

ඒ හේතුවෙන් කිසිම අවස්ථාවක සිංගප්පූරුව එංගලන්තයට හෝ නෙදර්ලන්තයට හෝ ඇමරිකාවට බිලි වූයේ නැත.

සිදුවූයේ සිංගප්පූරුව ලෝක තෙල් හා ගෑස් සැපයීමේ මධ්‍යස්ථානයක් බවට පත්වීමයි.

ශ්‍රී ලංකාවට හිමිවීමට තිබූ එම අවස්ථාව අහිමි වී පමණක් නොවේ අපේ තෙල් ටැංකි අංගනය කැලෑවට යටවී යකඩ කපන්නන්ගේ පාරාදීසයක් බවට පත්විය.


තෙල් ටැංකි අතහැර දමා වසර 55ක්:

ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය අතහැර දමා මේ වන විට වසර 55ක් ගත වී හමාරයි.

ශබ්දනගා රට ජාතිය ගැන කථාකරන කිසිවෙකු එම කැලෑව හෙළිකර තෙල් ටැංකි බේරාගැනීම සඳහා කටයුතු කර නැහැ. පසුගිය අවුරුදු 55 ම සිදුවූයේ තෙල් ටැංකි ආශ්‍රීතව කැලෑ වැවීම පමණකි.

ජාතික සම්පත් පිටරටට විකිණීමට නොවේ:

වත්මන් රජය බලපට පත්වී තිබෙන්නේ ජාතික සම්පත් පිටරටට විකිණීමට නොවේ. විදේශ ආයෝජකයන් සමග එක්ව මෙම තෙල් ටැංකි සංකීර්ණය විධිමත්ව සියලූ දෙනාගේම වැදගත් යෝජනා සමග සම්බන්ධ කර සංවර්ධනය කිරීමටයි.

එය රටට ඉතාම වැදගත් වනවාට කිසිදු සැකයක් නැහැ. විශේෂයෙන්ම තෙල් සංස්ථාවේ අයිතිය තහවුරු කරමින් තෙල් සංස්ථාවටත් සහභාගී විය හැකි පරිදි අන්තර්ජාතික තෙල් වෙළෙඳාමට ඇතුලත් විය හැකි ලෙසත් අන්තර්ජාතික තෙල් හා ගෑස් මධ්‍යස්ථානයක් වශයෙනුත් ශ්‍රී ලංකාව පත්කර ගැනීමට මෙම තෙල් ටැංකි සංකීර්ණය යොදා ගැනීමේ හැකියාවක් පවතී.

තර්ජන -වර්ජනවලට යටවීමට :

විද්වත් සහ විද්‍යාත්මක ක්‍රියාවලියක් මගින් විශේෂ ආයෝජන ආශ්‍රීයෙන් තෙල් සංස්ථාවේ ශක්තිය වැඩිදියුණු කරනවා මිස රාජ්‍ය විරෝධී ඊනියා වෘත්තීය සමිති කණ්ඩායම් කිහිපයකගේ තර්ජනවලට, වර්ජනවලට අපේ රජය යටවීමට සූදානම් විය යුතුත් නැති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අපේ දරුවන්ට බෙහෙත් ලබාගන්න තිබෙන අයිතිය, සැමටම මහපාරේ යන්න තියෙන අයිතිය දේශපාලන මතවාදවලින් උන්මත්තක වුණු වෘත්තීය සමිතිවලට බිලිදීමේ හැකියාවක් නැහැ.

විධිමත් සාකච්ඡුාවකින් තෙල් සංස්ථාව සංවර්ධනය කළ යුත්තේ කෙසේද යන්න අපට කළ හැකි කරුණක්. එය රටට කරන මහත් සේවයක්.

තත්ත්වය එසේ තිබියදීත් මහින්ද රාජපක්‍ෂ මහතා පී. බී. ජයසුන්දරව 2013 මැයි මාසයේ ඉන්දියාවට යවා ඇතිකර ගත් එකඟතා, යෝජනා සහ ගිවිසුම් වහාම රටට හෙළි කළ යුතුයි.

තෙල් සංස්ථාවේ සේවකයින් උසි ගන්වමින්, කුලප්පු කරමින් සිදුකිරීමට උත්සාහ කරන පහත් දේශපාලන අරමුණු පක්‍ෂ, පාට සහ දේශපාලන පුද්ගල චරිත පසෙක ලා හෙළා දැකිය යුතුයි.''

 

Last modified on Saturday, 06 May 2017 09:57

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us