ජනාධිපති, අපරාධ විමර්ශනයට බලපෑම් කරනවා - මන්දනා ඉස්මයිල් අබේවික්‍රම

Published in පුවත්
Tuesday, 02 May 2017 22:37

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝානතය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සහ මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එල්ල වූ තවත් ප්‍රහාර ගණනාවක් පිළිබඳ විමර්ශනවලට ජනාධිපතිවරයා බලපෑම් කරමින් සිටින බවත් බුද්ධි අංශවලට සම්බන්ධව ඊනියා රණවිරුවන් ආරක්ෂා කිරීමට යැයි පවසමින් ජනාධිපතිවරයා මෙම බලපෑම් සිදු කරන බවත්. ජාතික මාධ්‍ය සංසදය අවධාරණය කරයි.

මැයි මස 03 වන දිනට යෙදී තිබෙන ජනමාධ්‍ය නිදහස සඳහ වූ දිනය වෙනුවෙන් ' ජාතික මාධ්‍ය සංසදය' වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන මන්දනා ඉස්මයිල් අබේවික්‍රම මේ බව පවසා සිටී. අබේවික්‍රම මහත්මිය 'සත්හඬ ' පුවත්පත ප්‍රකාශයට පත් කරන පීපල්ස් පවර් මීඩියා සමාගමේ‍ෙ සභපතිනිය ලෙසද කටයුතු කරයි. මෙම පුවත්පත ශ්‍රිලනීප ලේකම් දුමින්ද දිසානායක මහතා මුල්‍ය අනුග්‍රාහකත්වය දරන පුවත්පතකි. අබේවික්‍රම මහත්මිය දිසානායක ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම්වරිය ලෙසද කටයුතු කෙරෙන බව පැවසේ.

එම මාධ්‍ය නිවේදනය පහත දැක්වේ


අද මැයි 03 ලෝක ජනමාධ්‍ය නිදහස සඳහා වූ දිනය වන අතර යුනෙස්කෝ සංවිධානය විසින් මෙවර තෝරාගෙන ඇති තේමාව වන්නේ “අර්බුදකාරී කාලයට තීක්ෂණ මනසක්; සාමකාමී, යුක්තිගරුක සහ සාධාරණ සමාජයක පැවැත්ම සඳහා ජනමාධ්‍ය සතු කාර්යභාරය” යන්නයි.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්වයත්, ගෝලීය තත්වයත් සැලකීමේදී මෙම තේමාව ඉතා කාලානුරූප වනබව ජාතික මාධ්‍ය සංසදය විශ්වාස කරන අතර එවැනි අර්බුදකාරී සමයක හතරවන රාජ්‍යය ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදයේ මුර බල්ලා ලෙසත් සලකන ජනමාධ්‍ය හා සම්බන්ධ මාධ්‍යවේදින් වන අපත් මාධ්‍ය ආයතනත් තම වගකීම ඉතා තීරණාත්මක බව වටහා ගත යුතුව ඇතැයි අවධාරණය කරයි.

දේශීයව සිදුවන දේශපාලන පෙළගැසීම් සලකා බලනවිට පෙනී යන්නේ 2015 ජනවාරි මාසයේදී එවකට පැවති ඒකාධිපති රාජපක්ෂ පාලනය පරාජය කර ජනතාව විසින් දිනාගත් අත්‍යාවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ නිදහස හකුළා දමමින් හෝ මර්දනය කරමින් තිබෙන බවයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අවශ්‍ය ප්‍රමාණයට වඩා දැන් රට තුළ පවතින බවත් එය භුක්ති විඳීමට තරම් ජනතාවට විනයක් නොමැති බවත් ආණ්ඩුවේ නායකයින් දැන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරයි. රජයේ අදුරදර්ශී ප්‍රතිපත්තිවලට එරෙහිව දිනෙන් දින වර්ධනය වන ජනතා විරෝධයත්, සාර්ථක කම්කරු වැඩවර්ජන නිසාත් කැබිනට් මණ්ඩලය දැන් එවැනි ජනතා විරෝධතා මර්දනය සඳහා නව යාන්ත්‍රණ පිහිටුවීම පිළිබඳ සාකච්ඡා කරයි.

එමෙන්ම ආණ්ඩුව දැන් 2015 ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේ දී ජනතාවට ලබාදුන් පොරොන්දුවලට පිටුපාමින් සිටී. පසුගිය රජයේ ප්‍රබල ඇමතිවරුන් සිදුකළ මහා පරිමාන වංචා සහ දුෂණ පිළිබඳ විමර්ශන දේශපාලන බලපෑම් නිසා අඩාලවී තිබේ. එම වංචා දුෂණ චෝදනා මේ වනවිට දේශපාලන ගණුදෙනු සඳහා යොදාගනිමින් ආණ්ඩුවේ දුර්වලවන දේශපාලන බලය රැක ගැනීම සඳහා භාවිතා කරමින් සිටී.

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කිරීමෙන් පසුව එම කොමිසම අකර්මන්‍ය කර ඇත. පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ කටයුතු එහි අධ්‍යක්ෂවරයා මාරු කිරීමත්, පසුගිය රජයේ ප්‍රබලයින්ට එරෙහිව වූ ලිපිගොනු සිය ගණනක් වෙනත් පොලිස් කොට්ඨාශ වෙත යැවීම මගිනුත් අඩාළ කර ඇත. මුල්‍ය අපරාධ කොට්ඨාශයේ පෙරටු කාර්යාලය ලෙස ක්‍රියාකළ දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ කටයුතු ද අඩාල කර ඇත. එම කාර්යාලය යටතේ පැවති බුද්ධි අංශය අකර්මන්‍ය කර ඇති අතර එම අංශයෙන් බුද්ධි වාර්තාව ලබා නොගන්නා ලෙස මුල්‍ය අපරාධ කොට්ඨාශයට නියෝග කර ඇත.

එමෙන්ම පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදුවුණ මහා පරිමාන වංචා හා දුෂණවලට නොදෙවෙනි වංචා දුෂණ මෙම රජයට යටතේ ද සිදුවෙමින් පවති. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එවැනි වංචා පිළිබඳ පරීක්ෂණවලට සෘජුව මැදිහත් වෙමින් වංචනිකයන් ආරක්ෂා කරමින් සිටී.

රජය එළඹෙන ජාත්‍යන්තර ගිවිසුම්වලදී, මහා පරිමාණ ව්‍යාපෘතිවලදී හෝ රාජ්‍ය ආයතන පෞද්ගලිකරණයේදී කිසිදු විනිවිදභාවයක් දක්නට නොලැබේ. මෙම ආණ්ඩුව ද මහා පරිමාණ ව්‍යාපෘතිවලදී පසුගිය රජය අනුගමනය කරන ලද අපකීර්තිමත් ස්වකැමැත්තෙන් ඉදිරිපත් කරන යෝජනා (Unsolicited Proposal) යොදා ගනී.

ජනමාධ්‍ය නිදහස පිළිබඳ සැලකුවද තත්ත්වය සතුටුදායක නොවේ. ජනාධිපතිවරයා මාධ්‍යහිමියන්ගේ, කර්තෘවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීම් කැඳවීම ආරම්භ කර ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරම්භ කළ මෙම ක්‍රමය මගින් සෘජුවම ජනමාධ්‍යවලට බලපෑම් එල්ල කරයි. අගමැති රනිල් වික්‍රමසිංහ ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව අඛණ්ඩව සිය ප්‍රහාරාත්මක ස්ථාවරය පවත්වාගෙන යන අතර ඇතැම් මාධ්‍ය ආයතන නිරන්තරව ඔහුගේ විවේචනයට ලක්වේ. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝානතය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සහ මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එල්ල වූ තවත් ප්‍රහාර ගණනාවක් පිළිබඳ විමර්ශනවලට ජනාධිපතිවරයා බලපෑම් කරමින් සිටී. බුද්ධි අංශවලට සම්බන්ධව ඊනියා රණවිරුවන් ආරක්ෂා කිරීමට යැයි පවසමින් ජනාධිපතිවරයා මෙම බලපෑම් සිදු කරයි. මෙම ගොඩනැගෙමින් පවතින තත්වයන් යටතේ යහපාලන රජයෙන් ද ජනමාධ්‍ය නිදහස අපේක්ෂා කළ නොහැකි බව ජාතික මාධ්‍ය සංසදය අවධාරණය කරයි. එබැවින් මෙම අර්බුධකාරී මොහොතේ ජනමාධ්‍යවේදීන්ට තීක්ෂණ මනසක් අවශ්‍ය වේ.

ලෝක තත්ත්වයන් සැලකුවද, දියුණු වෙමින් පවතින රටවල මෙන්ම සංවර්ධිත රටවල ද ජනතාව දේශපාලන, ආර්ථික, සමාජ හා පාරිසරික වශයෙන් වඩාත් අර්බුදකාරී යුගයක ජිවත් වෙති. කොරියානු අර්ධද්වීපයේ ගොඩනැගෙන දේශපාලන උණුසුම විසින් ලෝකය න්‍යෂ්ටික යුද්ධයක් අබියසට රැගෙනවිත් තිබේ. රුසියානු දේශසීමාවේ ගොඩනැගෙන නේටෝ යුද බලය විසින් යුරෝපයේ යුද්ධයක අනතුරක් ඇතිකර ඇත. ඇමරිකා එක්සත් ජනපදය විසින් මැදපෙරදිග අවුළුවන ලද යුද්ධයන් හේතුවෙන් සිරියාවේ, ඉරාකයේ හා ලිබියාවේ දහස් ගණන් සිවිල් වැසියන් ඝාතනයට ලක්වේ. ලෝකයේ සියලු ජනතාවයේ කුසගිනි නිවීමට ප්‍රමාණවත් ආහාර ලෝකයේ නිපදවන බවට සංඛ්‍යා ලේඛණ මඟින් තහවුරු වෙතත්, මිලියන ගණනක් ජනයා සාගතවලින් මිය යමින් සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය පෙබරවාරි මාසයේ දී අනතුරු ඇඟවූ පරිදි සෝමාලියාවේ, දකුණු සුඩානයේ, නයිජීරියාවේ සහ යෝමනයේ මිලියන 20 ක් ජනතාව සාගතයෙන් මියයා හැකි තත්වයක් නිර්මාණය වී ඇත. දකුණු සුඩානය මේ වන විටත් දුර්භික්ෂයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, එරට පවතින සිවිල් යුද්ධ මෙම තත්වයට හේතු වී ඇත.

දේශගුණික විපර්යාස නිසාද බොහෝ සමාජ ආර්ථික අර්බුද ඇති කරයි. ඉහළ යන උෂ්ණත්වය හේතුවෙන් දහස් ගණන් මිනිසුන් මියයයි. ඉහළ යන සාගර උෂ්ණත්වය, සාගර ජල මට්ටම් ඉහළයාම සහ ඒවායේ බලපෑම් මනුෂ්‍ය වර්ගයාට මෙන්ම ලෝකයේ ජීවත්වන සියලු ජීවීන්ට දරාගත නොහැකි මට්ටමට ළඟාවී ඇත. මෙම දේශගුණික විපර්යාසයන් නියඟයන්ට හේතුවන අතර, තවත් වටයකින් ආහාර හිඟය සහ සාගත තත්වයන් උත්සන්න කරයි.

එබැවින් ජනමතය ගොඩනැගීමේ විශාල හැකියාවක් හා ලෝකය අර්ථ දැක්වීමේ හැකියාවක් සහිත ජනමාධ්‍යවේදීන්ට මෙම අර්බුදකාරි මොහොතේ තම වගකීම හා කාර්යභාරය පරිස්සමින් තේරුම්ගත යුතුයි. එබැවින් ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය වන්නේ දේශපාලකයින් සහ දැවැන්ත ව්‍යාපාරිකයන් විසින් පෙන්වන ලෝකය පිළිබඳව සුන්දර පින්තූරය ප්‍රක්ෂේපනය කිරීම නොව ලෝකයේ සුවහසක් ජනයා මුහුණ දෙන සැබැ තත්වය ගවේශනාත්මකව හෙළිදරව් කිරීම බව ජාතික මාධ්‍ය සංසදය අවධාරණය කරයි.

ස්තූතියි,
මෙහෙයුම් කමිටුව වෙනුවෙන්,
මන්දනා ඉස්මයිල් අබේවික්‍රම
2017.05.02

Last modified on Tuesday, 02 May 2017 22:39

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us