මෛත්‍රී නරිවාදන් පැත්තකින් තියලා දැන් ඡන්දයට ලැහැස්ති වෙමු. Featured

Published in පුවත්
Tuesday, 02 May 2017 12:09

ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රීලනිපයේ බලය අත්පත් කර ගැනිමට මිස වෙනකක් වෙනුවෙන් කිසිදු අවධානයක් යොමු නොකළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තමන්ගේ ජනාධිපති කමේ කෙරුවාව දැන් වත් තේරුම් යායුතුය.

ගෝල් ෆේස් පිටියට පැමිණි මහ සෙනඟ විසින් කියා පෑවේ මෛත්‍රී පිස්සු කෙලින් නැතුව ගෙදර යායුතු බවය. පසුගිය වසර දෙක තුල මහින්ද රාජපක්ෂ විසින් මෛත්‍රීව ගොනාට අන්දවමින් රවටමින් තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමට සමත් විය.

රනිල් සමඟ ඩීල් දමන්නෙ යැයි මහින්දට චෝදනා කළ ද මහින්ද ඒ තුලින්ද තමන්ගේ ගමන් මඟට අදාල නිදහස් පරිසරය තනාගෙන ඇත. රනිල් සූක්ෂම ලෙස දේශපාලනය හසුරුවමින් සිටින අතර මෛත්‍රීපාල එක එකාගේ ලණු කමින් අසරණ භාවයෙන් අසරණ භාවයට දිනෙන් දිනම පත් වෙමින් තිබේ. තමන්ගේ මහ ලේකම් දුමින්ද දිසානායකට පක්ෂය හසුරුවා ගැනීමේ හැකියාවක් නැත. ශ්‍රීලනිප පාක්ෂිකයෝ දුමින්දව ගනන් ගන්නෙ නැත. මෛත්‍රීගේ ගැටබේ රැළියට යම් පිරිසක් ආවා නම් ඒ මෛත්‍රී පාර්ශ්වය හා එක්ව සිටින ශ්‍රිලනිප ජේෂ්ඨයන් කිහිප දෙනාගේ පෞද්ගලික හැකියාවෙනි. එම පාක්ෂිකයන් පිරිස හෝ තව දුරටත් රඳවා ගැනිම මෛත්‍රීට අභියොගයක් වීමද දැන් නොවැලැක්විය හැකි වනු ඇත. මන්ද ඒ ගොල් ෆේස් ජන ‍රැල්ලය. ඒ ජන ‍රැල්ල පෙර මඟ ලකුණු කියා ඇත. තවදුරටත් හොරා හොරා කීමෙන් පළක් නොවනු ඇත.

මෛත්‍රී ජනවාරි අට පොරොන්දු ඉ‍ටු කිරීම කළේ නැත. උඩින් පල්ලන් අත ගගහා කරන මඟ හැරීම හැර වෙනකක් කළේ නැත.. හැමදාමත් දැඩි තීන්දු ගන්න බවට නන් දොඩවමින් සිටියාට කිසිවක් වන්නෙ නැත. තව දුරටත් මේ බයිලාව ගැසීමෙන් තමන් ජෝක් වීම හැර මෛත්‍රීට අන් යහපතක් සිදු නොවේ. දැන් නම්බුකාර විදිහට කළ හැකිව තිබෙන්නේ පළාත් පාලන මැතිවරණය පැවැත් වීමය. ඊට මුහුණ දී පරාජය වී හෝ ගෙදර යාම වැල් බයිලා ගසමින් බල ලොබෙන් මෛත්‍රීපාලනය නඩත්තු කරනවාට වඩා නම්බුකාරය.

මහින්ද රාජපක්ෂ තමන්ගේ කණ්ඩායම සමඟ තනිවම මැතිවරණයට ඉදිරිපත් වීම දැන් ස්ථිරය. මෛත්‍රීගේ ශ්‍රිලනිපය අභිබවා යෑම පමණක් නොව එම මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ශ්‍රීලනිපයේ බලයද තමන්ට අත්පත් කර ගත හැකි බව මේ වන විටත් ගනන් බලා ඇති බවට සැක නැත. මහින්ද රාජපක්ෂ පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස අභියොග කළේ කට වාචාල කමට නොවේ. ශ්‍රීලනීපය දෙකඩ කිරීමේ දුර දැක්මක් සහිතවය. ඒ 2020 නොව 2025 නාමල් ඉලක්ක කොට ගෙනය. 2020 අයිති රනිල්ටය. මහින්ද ඒ රනිල්ට දෙනු ඇත.

යහපාලනය කියන්නේ හොන්දු මාන්දු තීන්දු තීරණ ගැනීමක් නොව දැඩිව තීන්දු තීරණ ගත යුතු තැනකි. ඒ නිවැරැදි දේ වෙනුවෙනි. මෛත්‍රී නොකළේම එයය. දැන් කරන්න දෙයක් නැත. පරක්කු වැඩිය..මෛත්‍රීට දෙවියන්ගේ පිහිටයි කියා හැර කියන්න දෙයක්ද නැත..

- සුජය

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us