රාජිත, මෛත්‍රී වගේ සිරිසඟබෝ වෙන්නෙ නැහැල්ලු

Published in පුවත්
Monday, 08 May 2017 22:37

වර්ෂ 2020 වනවිට රජයේ ඉහළ තනතුරක් සෞඛ්‍ය අමාත්‍යවරයාට ලැබෙන්නේ දැයි මාධ්‍යවේදීයකු විමසා සිටි අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ අවස්ථාවක් ලැබුනොත් එය බාරගන්නා බවත්, තමන් සිරිසඟබෝ රජතුමා මෙන් කටයුතු නොකරන බවත් ය.

දිවයින පුරා ලියාපදිංචි වී සිටින 3500 ක් පමණ වන තැලසීමියා රෝගීන් වෙනුවෙන් ඇටමිදුලු බද්ධ කිරීමේ රෝහලක් ඉදිකිරීම සදහා මුල්ගල් මහනුවර මහ රෝහල් පරිශ්‍රයේ දී අද (08) පස්වරුවේ දී සිදුකෙරිනි. මුල්ගල් තැබීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙන අතර වාරයේදී මේ බව පවසා තිබිණි.

ඇමැතිවරයා මෙහිදී සිරිසඟබෝ රජතුමාට සමාන කළේ ජනාධිපතිවරයා විය හැකි බව ඇමැතිකාර්ය මණ්ඩලයේ නිලධාරියෙකුගෙන් කළ විමසීමකදි පැවසීය. දූෂිතයන් අපරාධකාරයන් හුරතල් කරමින් ජනාධිපතිවරයා මෛත්‍රීයෙන් යුතුව රට පාලනය කිරීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා පසුගිය දිනවල දැඩිව විවෙචනය කර තිබීම මෙයට හේතුව බවත් ඔහු පැවසීය.

‘යහපාලන රජය ජනවාරි 08 වන දින බිහිකළේ ජනතාවට පොරොන්දු මාලාවක් ලබාදෙමින්. මම ඉන්නේ එම පොරොන්දු මාලාව ඉටු කරන වැඩ පිළිවෙලේ මිසක් පැරදුණු රාජපක්ෂ පරපුරේ වැඩපිළිවෙලේ නොවෙයි. අපේ ආණ්ඩුවෙත් ඉන්නවා යහපාලන රජයේ වගකීම තේරෙන්නේ නැති අය. රාජපක්ෂලාගේ ඊනියා දේශප්‍රේමිත්වය, ජාතිවාදී මතය මම ක්‍රීයාත්මක කරන්නේ නැහැ. සැබෑ සංවර්ධනයක් මෙන්ම මානව සංවර්ධනයක් ද රට තුල බිහි කළ යුතුයි. මම ක්‍රියාත්මක කරන්නේ යහපාලන රජයේ ප්‍රතිපත්තියි. රාජපක්ෂ පරපුරේ වැඩපිළිවෙල නොවෙයි. කැබිනට් ප්‍රකාශක කමින් ඉවත් කිරීමේ යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර මතය නොවෙයි.” යනුවෙන්ද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

මුල්ගල් තැබීමෙන් පසු මාධ්‍යෙවිදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය. "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙකුට මම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කමින් ඉවත් කිරීමට අවශ්‍ය වී තිඛෙනවා. හැබැයි බහුතරයේ මතය එය නොවෙයි. කිහිප දෙනෙකුට පමණයි අවශ්‍ය වී තිඛෙන්නේ. ඔවුන්ට මෙය තේරෙන්නේ නැහැ. ' යනුවෙනි.


ලෝකයේ තැලසීමියා රෝගීන්ට නොමිලයේ සැත්කම් කරන එකම රට වන්නේ ද ශ්‍රී ලංකාවයි. තැලසීමියා රෝගීන්ගේ කවය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම රෝහල වසරක් තුල ඉදිකෙරන අතර, එය මහල් 06 කින් යුක්ත වෙයි. ඒ සදහා වැය කරන මුදල රුපියල් බිලියනයකි. ජාත්‍යන්තර තැලසීමියා දිනය යෙදී ඇති අද දින (08) ආරම්භ කළ මෙම රෝහල 2018 වසරේ මැයි මාසයේ දී ඉදිකර අවසන් කිරීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us