අන්තර්ජාල මානසික රෝගීන්ගේ සීග්‍ර වැඩිවීමක්

Published in පුවත්
Tuesday, 09 May 2017 14:08

මෙරට අන්තර්ජාලය නිරන්තරයෙන් පරිහරණය කරන පුද්ගලයන් අතර ඉතා සීග්‍රයෙන් මානසික රෝගී තත්වයන් ඇතිවීම සම්බන්ධයෙන් මේවන විට වැඩි වශයෙන් වර්තා වෙමින් පවතින බව වාර්තාවේ. පරිගණක ක්‍රීඩා හා ෆේස්බුක් ට්වීටර් වැනි සමාජ ජාලා සහ වැඩිහිටි ලිංගිකමය වෙඩ් අඩවි වල නිරන්තරයෙන් ගැවසෙන්නන් මෙලෙස මානසික රෝග තත්වයට පත් වීම වැඩි බවද වාර්තාවේ.

පසුගියදා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මානසික සෞඛ්‍ය සායනයට පැමිණ සිටි එක් පාසල් සිසුවෙකු විසින් සිය මාපියන් ඔහුගේ නිරන්තර පරිගණක භාවිතය සම්බන්ධයෙන් තහංචි පැනවීම නිසා උරනව එම මාපියන්ව නිවසේ කාමරයකට දමා සිරකර සිය පරිගණකය සමඟ කාලය ගත කිරීමට තරම් සැහැසි වී තිබුණ බවද වාර්තා විය. අප කළ සොය බැලිමකදී මෙම සායනය සඳහා පැමිණෙන තරුණ පිරිසෙන් බොහෝ අය අන්තර්ජාල ඇබ්බැහිය නිසා විවිධ මානසික ව්‍යාකූලතාවයන්ට පත් වූවන්ය. විශේෂයෙන්ම හීනෝමාදය නම් මානසික තත්වයට ගොදුරු වූවන් ඒ අතර බහුලය. එමෙන්ම මාපියන්ගෙන් වැඩිහිටියන්ගෙන් එල්ලවන තහංචි නිසා ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්නන්ද මේවන විට වාර්තා වී ඇත.

නවීන ජංගම දුරකතනවලට අන්තර්ජාල පහසුකම් සපයා ඇති බැවින් පාසල් යන වයසේ සිසු සිසුවියන් ගේ සිට තරුණ ප්‍රජාවට නිරන්තරයෙන් අන්තර්ජාලය හා එක්වීමේ හැකියාව හා ඊට ඇති අසීමිත ඉඩකඩ නිසා පහසුවෙන්ම මීට ඇබ්බැහිවීම සිදුව තිබේ. මේ නිසා වෙනත් ක්‍රියාකාරකම් වලින් මානසිකවත් ශාරීරිකවත් ලැබිය හැකි ව්‍යායාමයන් නොලැබිම නිසා වෙනත් සෞඛ්‍ය ගැටලු ඇති වීමේ ප්‍රවණතාවයද වැඩි වෙමින් තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යංශ තොරතුරු මාර්ග පෙන්වා දෙයි. මේ හේතුවෙන් අනාගතයේදී සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිවීමේ ඉඩ කඩ ඇහිරී ඇති බවත් බෝ නොවන රෝග සම්බන්ධයෙන් දැනටමත් බරපාතල අර්බුදයක් ඇතිව තිබීමේ ගැටලුව තව දුරටත් උග්‍ර වනු ඇති බවද එම තොරතුරු මාර්ග පවසයි. මීට පිලියමක් ලෙස පාසල් විෂයධාරාවට ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත විෂයන් එක් කිරීමේ යොජනාවක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවත් ඒ අනුව 2018 වසරේ සිට ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත නව විෂයන් 26 ක් හඳුන්වා දීමේ වැඩපිලිවෙලක් ක්‍රියාවට නැගෙන බවත් පැවසේ.

මේ වන විට මෙරට මානසික රොගී තත්වයට පත්වූවන් එකෙලොස් දහසකට ආසන්න පිරිසක් වාර්ෂිකව ප්‍රතිකාර සඳහා යොමුවන බවත් වාර්තාවේ. ඒ අතරින් වැඩිම පිරිස වයස අවුරුදු 17 ත් 49 ත් අතර පිරිස බවද වාර්තා වේ. එම පිරිස හාර දහසත් පන්දහසත් අතර ප්‍රමාණයකි. දෙවන වැඩිම පිරිස වාර්තා වන්නේ වයස අවුරුදු 50ත් 69ත් අතරය. ඒ දෙදහසත් තුන් දහසත් අතර ප්‍රමාණයකි.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් කළුතර ගාල්ල, ගම්පහ කුරුණාගල දිස්ත්‍රික වලින් වැඩි වශයෙන් මේ රෝගීන් වාර්තා වී ඇත.

කෙසේ නමුත් මේ වන විට තමන්ට යම් මානසික රෝගී තත්වයක් ඇති බව සැකකර මානසික වෛද්‍ය සායන සඳහා යොමුවන පිරිස වැඩි වීමක්ද දකින්නට ලැබෙන බව වාර්තාවේ. ප්‍රධාන රෝහල්වලට හා ඊට අනුබද්ධව පවත්වාගෙන යන ප්‍රාදේශීය වෛද්‍ය මධ්‍යස්ථානවලට දිනකට රොගීන් 20-30 ත් අතර පැමිණෙන බවද එහා කළ සොයා බැලීමක්දී හෙළි විය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us