කොළඹ නෙළුම් පොකුණ රඟහළ ඉදිරිපිට මාර්ගය ආනන්ද කුමාරස්වාමී මාවත ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (10) විවෘත කළේය.

විදුලිබල මණ්ඩලය තුළ වැටුප් වැඩි කර ගැනිමේ දී සිදුව ඇති මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එහි මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් මහතා පැවසුවේ ඊයේ(10) පෙරවරුවේ මෙම පැමිණිල්ල අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත දුන්නේය.

දුරකත සංවාදවලට රහසිගතව සවන් දීමේ උපකරණ ඇතුළුව චීනයෙන් ආනයනය කරන ලද නවීනතම විදුලි සංදේශ උපකරණ ‍රැසක් පසු ගිය කාලයේදී හිටපු ජනාධිපතිවරයාගේ තංගල්ලෙ පිහිටි නිවසට ගෙන ගොස් තිබුණු බව ඔරුගොඩවත්තේ පිහිටි ශ්‍රීලංකා රේගුවේ නිශ්කාශන මධ්‍යස්ථාන නිළධාරීන් අනාවරණය කරති.

ලබන 14 දා පැවැත්වෙන ශ්‍රීලනිප විධායක සභාවේදී හා සමස්ත ලංකා කාරක සභාවේදී එම පක්ෂයේ ජාතික සංවිධායක ලෙස රාජිත සේනාරත්න මහතා නම් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තාවේ.

දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් සකස් කර ඇති කූට ලේඛනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර යාපා සහ වයඹ පළාත් මහ ඇමැති දයාසිරි ජයසේකර මහත්වරුන්ගෙන් රහස් පොලිසිය කට උත්තර ලබාගෙන තිබේ.

තමන්ට අහිමි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය යළි ලබාගැනීම සඳහා ඉදිරි දින කිහිපය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා පැවසීය.

යෝෂිත ඩුබායි යයි

Published in පුවත්
Wednesday, 11 February 2015 07:40

හිටපු ජනපති පුත් නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ ඊයේ රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ඩුබායි බලා පිටත්ව ගියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් ප‍්‍රශ්නකිරීමෙන් අනතුරුව මන්ත‍්‍රීවරයා එම ස්ථානයෙන් හොර රහසේම පිටත්ව ගියේය.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us