චන්ද්‍රිකා, කැම්පස් කොල්ලන්ට කෙල්ලන්ට අලුත් පාඩමක් උගන්වන්න හදයි Featured

Published in පුවත්
Friday, 02 June 2017 12:28

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා එක්ව ‘උසස් අධ්‍යාපනය හරහා ජාතික සමගිය හා සංහිඳියාව’ වැඩසටහන ඔස්සේ ‘ගැටුම් නිරාකරණය හා සංහිඳියාව’ නමින් නව විෂයයක් හඳුන්වා දී තිබේ.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සභාපතීත්වයෙන් යුතුව ජාතික සමඟිය හා සංහිඳියාව කාර්යාංහය ක්‍රියාත්මක වේ.

ඒ අනුව 2018 වසරේ සිට විශ්වවිද්‍යාලවලට මෙම නව විෂය එක්කිරීමට නියමිත අතර ඒ සඳහාවන අවබෝධතා ගිවිසුමකට ද පසුගියදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන සභා පරිශ්‍රයේදී එම ආයතනය හා ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය අතර අත්සන් තැබිණ.

විසි හය වසරක් පුරා පැවති යුද්ධයට අවසන් වී මේ වනවිට වසර අටක් ගතවී තිබේ. එසේ වුවද සංහිඳියාව, සමාජ හා ආගමික සහජීවනය හා බැඳුණු ගැටලු දැනුදු සමාජය තුළ දක්නට ලැබේ. බිඳුණු හදවත් සුවපත් කිරීම හා ජාතිය ගොඩනැගීම දිගුකාලීන කටයුත්තක් බවට එය සාක්ෂ්‍ය දරයි. මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාව තුළ තිරසාර සාමයක් ඇතිකිරීමේදී තරුණ ප්‍රජාවට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.

මේ අනුව විශ්වවිද්‍යාල පද්ධතිය හරහා ගැටුම් නිරාකරණය හා සංහිඳියාව පිළිබඳ නව විෂය මාලාවක් එළිදැක්වීමට ගනු ලැබූ මෙම පියවර, සංහිඳියාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරතිබෙන දීර්ඝ කාලීන හා මධ්‍ය කාලීන වැඩපිළිවෙළ සඳහා ද උපකාරී වනු ඇත. සරසවි විෂය මාලාවට මෙවන් විෂයක් ඇතුළු කිරීමෙන් අපේක්ෂා කරන්නේ, බහුවාර්ගික හා බහු ආගමික පසුබිමක් පවතින ශ්‍රී ලංකාව තුළ සමාජ අවබෝධය හා සහජීවනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විවිධ සංස්කෘතින්ට අයත් සිසුන් අතර කතිකාවතක් ගොඩනැගීම ය.

රුහුණු විශ්ව විද්‍යාලය, යාපනය විශ්ව විද්‍යාලය, අග්නි දිග විශ්ව විද්‍යාලය, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය, නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ස්වාමි විපුලානන්ද ආයතනය, ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය හා ජාමියා නලීමියා ආයතනය යන උසස් අධ්‍යාපන ආයතනවල සිසුන්ට මෙසේ ‘ගැටුම් නිරාකරණය හා සංහිඳියාව’ විෂයක් ලෙස හැදෑරීමේ අවස්ථාව උදාවනු ඇත.

මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම වෙනුවෙන් විශ්ව විද්‍යාල නිලධාරීන්ගෙන් සැදුම්ලත් මෙහෙයුම් කමිටුවක් ද පත්කර තිබේ.

ඊට තෝරාගත් විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන හතක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම මෙරට ක්‍රියාත්මක සියලුම සමාජ විද්‍යා පීඨයන්හි පීඨාධිපතිවරුන් ද එක්ව සිටියහ‍.


​news.lk

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us