ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද(23) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

අත්අඩංගුවට ගෙන සිටින වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර නැමැති ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලට අනුව දැනට විදේශගතව සිටින හිටපු පොලිස්පතිවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් හතරදෙනෙකු ඔහු සමග සම්බන්ධකම් පවත්වා තිබෙන බවට අනාවරණය වී තිබේ.

ජනපති ලේකම් කාර්යාලයයට අයත් බව කියන වාහන 53ක් පිටකෝට්ටේ පිහිටි රජයේ ඉඩමකින් සොයාගෙන ඇත.

පසුගිය රාජපක්ෂ පාලන කාලයේ සිදුව ඇති මහා පරිමාණ දූෂණ සම්බන්ධව සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත්කර තිබේ. 
නාගරික සංවර්‍ධන අධිකාරියේ තවමත් අරක් ගෙන සිටින් හිටපු ආරක්ෂක ලේකම්වරයා වන ගෝඨාබය රාජපක්ෂගේ හෙංචයියන් විසින් එම අධිකාරිය යටතේ සිදු කෙරෙමින් පවතින සංවර්ධන ව්‍යපෘති කඩාකප්පල් කරමින් සිටින බව වාර්තාවේ.

මෙරට ක්‍රීඩාව විකුණාගෙන කෑ නොම්මර එකේ හොර තක්කඩියන් වූ ක්‍රීඩා සංගම් නිලධාරීන් ‍රැසක් මේවන විට ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතාව ගොනාට අන්දමින් සිටින බව වාර්තාවේ.

පෞද්ගලික බස් ගාස්තු සියයට 7කින් අඩු කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද තීරණය කළේය. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ ඉන්ධන මිල අඩු කිරීම මෙම තීරණයට හේතුව බවය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දිනක වියදම රුපියල් 2850 සිට 8000ක් පමණ දක්වා වන බව එම කාර්යාල ආරංචි මාර්ග පවසයි. පසුගිය සති දෙකේ වියදම ගනන් බැලීමේදී මේ බව හෙලිව ඇත. මෙම වියදමෙන් වැඩි ප්‍රමාණයක් ඉන්ධන වියදම් ලෙසද සටහන්ව ඇත. රුපියල් 2850 බැගින් වියදම සටහන් වූ දින තුන හතරක්ම ඇති බවත් එම කාර්යාල ආරංචි මාර්ග පවසයි.

worky

worky1

ld add copy

Latest News

Connet With Us