රට පුරා සිදුවන සියලු මාර්ග ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කළ හැකි ඉදිකිරීම් සුපරික්ෂණ මෙවලමක් (construction tool) AVNI Solution Pvt සහ Alibaba.com යන සමාගම් මගින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත පරිත්‍යාග කර තිබේ.

මෙරට කසළ මගින් විදුලිය නිපදවීමේ පළමු බලාගාරය ලබන බදාදා (17) අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.

ප්‍රදේශ කිහිපයකින් නව වෛරස් ප්‍රභේදය හඳුනා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කළ හැකි තරම් දෙයක් නැති බව පවසන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ එනමුත් මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ජනතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍යාංශය උනන්දු වන බවයි.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ රුපියල් කෝටි 447කට අධික මුදලක් වැය කර පලතුරු ආනයනය කර තිබේන බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර , විද්‍යුත් මුද්‍රිත සහ නව මාධ්‍ය ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන පිළිබඳව විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කිරීමට ආණ්ඩුව දරණ උත්සාහය වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කණස්සල්ලට හේතු වී තිබේ.

රට තුළ ඇති වූ කොවිඩ්-19 වසංගතයේ දෙවන රැල්ලේ බලපෑමෙන් අනතුරුව 2020 වසරේ දෙසැම්බර් මාසයේදී භාණ්ඩ අපනයන යථා තත්ත්වයට පත් වූ අතර, අත්යවශ්ය නොවන ආනයන සඳහා වන සීමාවන් අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ ගෝලීය ඉන්ධන මිල සාපේක්ෂව අඩු මට්ටමක පැවතීම හේතුවෙන් භාණ්ඩ ආනයන පෙර වසරේ අනුරූප මාසවලට සාපේක්ෂව අඛණ්ඩව අඩු විය.

බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිර යන COVID-19 නව වෛරස් ප්‍රභේදය මෙරට ප්‍රදේශ කිහිපයකින් සොයා ගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර සඳහන් කරනවා.

අතරමැදියන්ගෙන් තොරව තම නිෂ්පාදන කෙළින්ම පාරිභෝගිකයාට අලෙවි කිරීම සඳහා ගොවීන්ටද ආර්ථික මධ්‍යස්ථානවල කඩ කාමර ලබාදීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (11 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

ld add copy

Connet With Us