ලුණු ගැන බිය නොවන්න ! ඇත්ත දැනගන්න !

Published in පුවත්
Tuesday, 01 June 2021 07:50

නැව ගිනි ගැනීම හේතුවෙන් මුහුදු ජලයට විවිධ රසායනික දව්‍ය එකතු වීමේ බලපෑමක් මත මෙරට ලුනු නිෂ්පාදනයට එය කිසිම බාධාවක් නොවන බවත්, රටේ ලුනු හිඟයක් කිසිවටක ඇති නොවන බවට සහතිකයක් ලබා දිය හැකි බව හම්බන්තොට ලංකා ලුනු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ මහතා ප්‍රකාශ කර ඇත.

රටේ ලුනු නිෂ්පාදනයට මෙය බලපෑමක් එල්ල වන බවට සමාජය මත විවිධ මත ප්‍රචාරය වීමත් සමඟම පාරිභෝගිකයින් වෙළඳ සැල් කරා පැමින ලුනු පැකට් වැඩි වශයෙන් මිලදී ගෙන ගබඩා කිරීම සිදුවිය. අනවශ්‍ය ලෙස ලුනු එක් රැස් කිරීම සිදු වීමෙන් ලුනු මිල පවා ඉහල යෑම සිදු‍වන බව පාරිභෝගිකයෝ සදහන් කරති.

මේ සම්බන්දයෙන් හම්බන්තොට ලංකා ලුනු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරන මහතාගෙන් කල විමසීමක දී ඒ මහතා කියා සිටියේ මෙවැන්නකි ,

''මුහුදු ජලයට කවර දෑ එකතු වුවත් ලුනු නිෂ්පාදනයට එය බාධාවක් නොවෙයි . සෝඩියම් ක්ලෝරයිට් පමනයි අවශය වන්නේ . අනිකුත් සියළුම රසායනික සංගටක වාෂ්පී කරනයෙන් ඉවත් කරනවා. නැව මුහුදු බත් වීම හා ගිනි ගැනීම හේතුවෙන් කවර රසායනික දව්‍යයක් මුහුදු ජලයට එකතු වුවත් ලුනු නිෂ්පාදයේ දී අධික තාපය යොදා සිදු කරන වාෂ්පී කරනයෙන් එම සියළුම අනවශ්‍ය රසායනික දව්‍ය සියල්ල ඉවත් කරනවා. ඉතිරි වන සෝඩ්යම් ක්ලෝරයිඩ් පමනක් මගින් ලුනු නිෂාපදනයට යොදා ගන්නවා එවිට මිනිස් පරිභෝජනයට නුසුදුසු කිසිවක් එහි අන්තර් ගතවන්නේ නැත.
දැනට වුවත් මුහුදු ජලයේ විවිධ රසායනික දව්‍ය රැසක් තිබෙනව. මෙම නැව මගින් පමනක් නොව වෙනත් මාර්ග වලින් පවා මුහුදු ජලයට විවිධ දෑ එකතු වෙනවා. ඒ සියල්ලම නිස්සාරනය කිරීමට වාෂ්පී කරනයෙන් හැකියාව තිබෙනව.
එම නිසා රටේ ලුනු නිෂ්පාදනවය මෙය කිසිම බාධාවක් වන්නේ නැහ.රටේ අවශ්‍යථායවන් සියයට හතලිහක් හම්බන්තොට ලුනු සමාගම මගින් සැපයීම සිදු කරනව. දැනටමත් ආරක්ෂන තොග ලෙස මෙට්ට්රොක් ටොන් එක් ලක්ෂ විසිපන්දහසකට වැඩි ප්‍රමානයක් අප සතුව තිබෙනව. තවත් ආයතන කිහිපයක් මගින්ද නිෂ්පාදනය කරනව. මේ අවස්ථාවේ ලුනු මිල කිසිවිටක ඉහළ දැමීමක් සිදු කරන්නේ නැහ. අනවශ්‍ය ලෙස ජනතාව බිය වී ලුනු එක් රැස් කිරීම සිදු නොකරන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටිනව'' යනුවෙන් සදහන් කර තිබෙනවා

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us