වියට්නාමයෙන් භයානක ප්‍රභේදයක් !

Published in පුවත්
Monday, 31 May 2021 17:45

වාතය හරහා වඩාත් වේගයෙන් පැතිරෙන, වඩාත් භයානක අලුත් කොරෝනා වයිරස ප්‍රභේදයක් වියට්නාමයෙන් වාර්තා වෙනවා .

මෙම ප්‍රභේදයෙහි විශේෂත්වයක් ලෙස සැලකෙන්නේ ඉන්දියාවෙන් සොයාගත් B.1.617.2 සහ එක්සත් රාජධානියෙන් සොයාගත් B.1.1.7 යන ප්‍රභේද දෙකෙහිම ලක්‍ෂණ මේ තුළ දැකිය හැකි වීමයි. ඒ නිසා මෙය දෙමුහුන් ප්‍රභේදයක් ලෙසද හඳුන්වා තිබේ.

මෙම ප්‍රභේදය කලින් හඳුනාගෙත තිබූ ප්‍රභේදවලට වඩා වේගයෙන් වාතය හරහා පැතිරෙන ආකාරයක් දැකිය හැකි බවත් මෙය ඉතා භයානක ප්‍රභේදයක් බවත් වියට්නාම සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

පසුගිය සතිවල වියට්නාමය තුළ ආසාදිතයන් වාර්තා වීමෙහි ශීඝ්‍ර වැඩි වීමක් දැකිය හැකි වූ අතර මෙම නව වයිරස ප්‍රභේදයද ඊට බලපා ඇති ආකාරයක් පෙනේ. වසංගතය ආරම්භ වීමෙන් පසු මේ වනවිට එරටින් වාර්තා වී ඇති ආසාදිතයන් 6,700ක් අතරින් බාගයකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයෙන් පසුවය. ඉහත කී නව වයිරස ප්‍රභේදය ගැන සොයා ගැනීමට හැකි වී ඇත්තේ අලුත් ආසාදිතයන් සම්බන්ධයෙන් කරන ලද පරීක්‍ෂාවන්හිදී බව සඳහන් වේ. මෙම නව ප්‍රභේදයේ ජානවලට අදාල තොරතුරු ළඟදීම ප්‍රසිද්ධියට පත් කරන බව එරට සෞඛ්‍ය ඇමැතිවරයා තවදුරටත් සඳහන් කර තිබේ.

වසංගතයෙන් ලෝකයට එල්ල වන තර්ජනය තව දුරටත් අඛණ්ඩව ඉදිරියට යමින් ඇති බව මෙවැනි නව ප්‍රභේද නිසා තහවුරු වන බවත්, ඒ නිසා තව දුරටත් ආරක්‍ෂක විධි විධාන ගැන බැරෑරුම්ව සිතන්නට සිදුව ඇති බවත් මේ පිලිබඳව අදහස් දක්වමින් වසංගතවේදීන් මාධ්‍ය සමග පවසා තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us