එන්නතේ එක් මාත්‍රාවක් ප්‍රමාණවත් කතාව බොරුවක් - සෞඛ්‍ය අධ්‍යක්ෂ කියයි !

Published in පුවත්
Tuesday, 01 June 2021 09:28

කිසිවකුට කොවිඩ් මර්දන එන්නත එක් මාත්‍රාවක් පමණක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙස් ලබා දී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර ඇත.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණයේ දී ස්පුට්නික් V එන්නතේ එක් මාත්‍රාවක් වුවද ප්‍රමාණවත් බවට සඳහන් කර එන්නත් ලබා දෙන බවට ප්‍රචාරය වන පුවත සම්බන්ධයෙන් ඊයේ (31 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේදී කළ විමසීමකදීය.

එවැනි දෙයක් සම්බන්ධව මෙතෙක් වාර්තා වී නොමැති බවත් එසේ ප්‍රශ්නයක් පවතිනවානම් මාධ්‍ය මගින් ඉදිරියේදී ඒ පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ඔහු සදහන් කර තිබේ.

එසේම ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාවෙන් දෙවැනි මාත්‍රාව ලබා නොදෙන බවත් දෙවැනි මාත්‍රාව ලබා දීමට වෙනම මාත්‍රාවක් අවශ්‍ය බවත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පැවැසීය.

තවද එන්නත් සම්බන්ධව ලැබෙන දත්ත විටින් විට වෙනස්වන අතර ඒ අනුව එන්නත ලබාදෙන කාල පරතරය සහ එන්නත් මාත්‍රා ලබාදෙන ප්‍රමාණය වෙනස් වන බවත් මේ සම්බන්ධව නිශ්චිත මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබාදෙන බවද නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us