ආයුර්වේද වෛද්‍යවරුන්ට ඖෂධ ප්‍රචාරය කිරීම සපුරා තහනම් !

Published in පුවත්
Tuesday, 01 June 2021 11:46

මොනයම් හෝ රෝගයක නම සඳහන් කරමින් එම රෝගය යම් ආයුර්වේද ඖෂධයක් මගින් සුවකළ හැකිය යන්න මාධ්‍යයෙන් ප්‍රචාරය කිරීම සපුරා තහනම් බවත් එවැනි ප්‍රචාරණයන්ගේ නියැළෙන ආයුර්වේද වෛද්‍යවරුන්ගේ බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කරන බවත් ආයුර්වේද කොමසාරිස්වරිස් වෛද්‍ය ශාන්ති කුඹුරේගෙදර මහත්මිය සඳහන් කර ඇත.

කොවිඩ් රෝගය සුව කළ හැකි බවට කිසිදු ආයුර්වේද ඖෂධයක් සදහා සූත්‍රකමිටුව මෙතෙක් අනුමැතිය ලබා දී නැති බවත් මේ දිනවල කොවිඩ් රෝගය සඳහා යැයි පවසමින් ඇතැම් ආයුර්වේද වෛද්‍යවරුන් ඖෂධ හඳුන්වා දුන්නද ඒවා ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා වන ඖෂධයන් මිස කිසියම් රෝගයක් සුවකිරීම සඳහා වන ඖෂධයක් නොවන බව ඇය පෙන්වාදේ.

ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් තමා විසින් සාදන ඖෂධයක් තමා ළඟට පැමිණෙන රෝගීන්ට ලබාදීම සඳහා සූත්‍රකමිටුවේ අනුමැතියක් අවශ්‍ය නොවන නමුත් වෙළෙඳපොළ අලෙවිය සඳහා යම් ඖෂධයක් නිෂ්පාදනය කරන්නේ නම් පමණක් සූත්‍රකමිටුවේ අනුමැතිය අනිවාර්යයෙන්ම අවශ්‍ය වන බව 1973 ඖෂධාගාර නියෝග මාලාව යටතේ සඳහන් කර ඇතැයි ඇය කියා සිටි.

ඇතැම් කරුණු කාරණා නිරාකරණය කරගැනීමට යාමේදී විවිධ බලපෑම් මතුවන අවස්ථාවන්ද තිබෙන බැවින් එවන් විටක නිහඬව සිටීම හැරුණු කොට වෙනත් විකල්පයක් නොමැති යැයි ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us