ජනාධිතිවරණ කටයුතු සඳහා රජයේ මුදල් රුපියල් කෝටි 800 ක්‌ වියදම් කළ අයුරු ඒ ඒ ලේකම්වරුන්ගේ නම් ගම් ඇතිව අයවැය විවාදය අවසානයේදී හෙළි කරන බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (05 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

උමාඔය බහු කාර්ය යෝජනා ක්‍රමය රාජපක්ෂ රජය විසින් කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව ඉරානයට ලබාදුන් බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අද(05) අවධාරණය කළේය. එය කැනේඩියානු රජය ඩොලර් මිලියන 250 කට ඇස්තමේන්තු ව්‍යාපෘතියක් බවත්, රාජපක්ෂලාගේ වුවමනාව මත ඉරාන ණයක් ලෙස ගෙන ඩොලර් මිලියන 532කට එකඟවී එහි කොන්ත‍්‍රාත්තුව ඉරානයේ පරාබ් කොම්පැණියට කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබාදුන් බවත් අනුර කුමාර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

විදුලි බල මණ්ඩලය තුළ වැටුප් වැඩි කර ගැනීමේදී සිදුව අැති දැවැන්ත මූල්‍ය වංචාවට එරෙහිව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානය අද(05) අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.ජනාධිපතිවරණයට පෙර දින නීති විරෝධී ලෙස පාලනාධිකාරියේ වැටුප් 125% කින් පමණ වැඩි කර ගැනීම නිසා ලංවිම සාමාන්‍යාධිකාරවරයා හා පාළනාධිකාරියට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය.

ඊයේ ජාතික නිදහස් දින උත්සවයෙන් පසුව සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකට කොළඹ ජනාධිපති මන්දිරයේ පැවැති භෝජන සංග්‍රහයකට සහභාගී වූ දුමින්ද සිල්වා හා ඔහුගේ නැගණිය වන දිලිණි සිල්වා දෙදෙනා ජනාධිපතිවරයා සමඟ ඡායාරූපයකට පෙනී සිටීමට දැඩි උත්සහයක් ගෙන තිබුණු බව වාර්තාවේ.

පෙබරවාරි 14දා ආරම්භවන එක්දින ලෝක කුසලාන තරගාවලිය ජාතික රූපවාහිනිය හරහා විකාශය කිරීමට කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලැබී තිබේ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නතර නොකරන බවත්, එම ව්‍යාපෘතිය කරගෙන යාමට කැබිනට් අනුමැතිව ලැබුණ බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

අපි පොල් ගහෙන් ලබාගන්න ප්‍රයෝජන විශාල ප්‍රමාණයක් තියනවා. ඒ අතරින් ප්‍රධාන ප්‍රයෝජනයක් තමයි පොල් තෙල් කියන්නේ.

මහත් අාන්දෝලනයකට ලක්වූ ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය විසින් ඒ්කමතිකව සම්මත වූ බව මේ වන විට පැවැත්වෙමින් තිබෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දැනුම් දුන්නේය.

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us