එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවට සහායවීම සඳහා ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යැවීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව තීරණය කොට තිබේ.

'මාගම් සෝලිය'සහ 'ලොවීනා' රචනා කළ මොහාන් රාජ් මඩවලගේ අලූත්ම නවකතාව  'ආදරණීය වික්ටෝරියා' සහ 'Dreamz Unlimited' කෙටි කතා සංග්‍රහය සැප්තැම්බර් 10 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයේදී නිකුත් වීමට නියමිතය.

රටක දියුණුව වෙනුවෙන්  ඕනෑම වෙනසක් සිදුකරන විට ඇතැම් පිරිස් ඊට එරෙහි වීම සාමාන්‍ය තත්ත්වයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කරයි.

නියං සහනාධාර මුවාවෙන් මොනරාගල ආසනයේ පවුල් දහඅට දාහසකට සහල්, සීනි, කිරිපිටි   ආදි වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දෙතියි කැපේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කෙළේය.

සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායකයා බවට යෝජනා කරන්නේ හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම මත මිස ටිරාන් අලස්ගේ හෝ කිලී මහරාජාගේ උවමනාවට නොවන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සිය පක්ෂයේ පුරප්පාඩු පවතින තනතුරු සඳහා නව පත් කිරීම් සිදු කිරීම එළඹෙන විසි වැනිදා පැවැත්වෙන ඌව පළාත් සභා ඡන්දයෙන් පසු සිදු කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඉදිරියේදී ජලයට විකිණීමේ ආණ්ඩුවේ සැලැස්ම යටතේ ජල මූලාශ‍්‍රවල ජලය ඉතුරු කරගැනීම සදහා අඩුවෙන් ජලය අවශ්‍ය වන වගාවන් කුඹුරු භූමිවල වගා කරවීමේ සූක්ෂම සැලැස්මක් මේ වනවිට ආරම්භ කර තිබෙන බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය පවසයි.

සජිත් පේ‍්‍රමදාස මහතාට නියෝජ්‍ය නායකකමක් පිරිනැමීමෙන් ඇති වැඩක් නැතැයි එක්සත්  භික්‍ෂු පෙරමුණේ සභාපති ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ගිරාඹේ ආනන්ද හිමියෝ පවසති.

 

ld add copy

Latest News

ක්‍රීඩා

Connet With Us