ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දය ලබාදීමේ දී පොලිසියට වෙනම දිනයක් ලබාදෙන බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් යූ.අමරදාස මහතා පවසයි. තැපැල් ඡන්දය සළකුණු කරන දෙසැම්බර් 23 හා 24 දිනයන්හි දී තැපැල් ඡන්ද මධ්‍යස්ථානවලට නිසි ආරක්ෂාව ලබාදීමට අවශ්‍ය බැවින් මේ තීරණය ගත් බවත් ඒ සඳහා දෙසැම්බර් 26 දිනය යොදා ගන්නා බවත් නියෝජ්‍ය කොමසාරිස්වරයා පවසයි.

ගායන ශිල්පියෙක් මෙන්ම මෙරට ප්‍රමුඛ විකල්ප කලාකරුවෙක් වන ජයතිලක බණ්ඩාර මහතා ඇතුළු නාට්‍ය කණ්ඩායමට අද(21) උදෑසන හම්බන්තොටදී දරුණු ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

රජයට අයත් විවිධ අරමුදල් සහ රාජ්‍ය බැංකු තුනක මූල්‍ය තත්වය ඉතාම අනතුරුදායක මට්ටමකට ඇද දමමින් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගෙන ඇති බව තහවුරු වී තිබේ.
ශුද්ධෝත්තම පළමුවැනි ප්‍රැන්සිස්‌ පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය නියත වශයෙන් සිදුවෙන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කළහ. 
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්‍ෂ  විසින් ඉදිරිපත් කෙරෙන "තුන්කල් දැක්‌ම" ප්‍රතිපත්ති ප්‍රකාශනය  හෙට (22 දා) පෙරවරු 11.00 ට කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

ජනාධිපතිවරණයට අදාළව රටපුරා ඉදිකර ඇති දැවැන්ත කටවුට්‌ පෝස්‌ටර් බැනර් සැරසිලිවලින් 50% ක පමණ ප්‍රමාණයක්‌ තවමත් ඉවත් කිරීමට නොහැකි වී ඇත.

අවසන් සටන් සමයේ අපේ හමුදා බලඇණිවල සහායට ගුවන්ගත කෙරුණේ අධික මිලක්‌ ගෙවා ආනයනය කරන ලද නියමුවන් රහිත ගුවන් යානා ය.

විපක්ෂයේ අපේක්ෂකයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ලබාදි ඇති පොරොන්දු සියල්ලම රජය 2015 අයවැය තුළින් මේ වන විටත් ඉටුකරමින් සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ld add copy

Connet With Us