වහාම ක්‍රියාත්මක වන පරිදි අර්තාපල් ආනයනය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය රුපිටල් 20කට ලබා ගත හැකි බව වයඹ පළාත් ප‍්‍රධාන ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

යුද හමුදා සෙබලෙකු සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන ඇත.

මොණරාගල මදුරුකැටියේ දී ජනතා විමුක්ති පෙ‍රමුණේ ආධාරකරුවන් වූ සරසවි සිසුන් හතර දෙනෙකු අද (සැප්. 8) පෙරවරු 6.30 ට පමණ අංක තහඩු රහිත ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි කණ්ඩායම් විසින් පහර දී එක් සිසුවෙකු පැහරගෙන, පහරදී තුවාල සිදු කොට මග දමා ගොස්  ඇතැයි 'කැෆේ' සංවිධානය පවසයි.  

 මාතර ඉසදීන් නගරයේදී වෛද්‍යවරයෙකු ඇතුළු පිරිසක් විසින් යුද හමුදා මේජර්වරයෙකුට සහ තවත් පුද්ගලයෙකුට පහරදී ඇත. පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ මීට අදාළව චෝදනාවට ලක්ව සිටින වෛද්‍යවරයා සහ තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන සිටින බවයි. 

එක්සත් ජාතික පක්ෂය විසින් 06 දා පස්සර දී පැවැත්වූ සිය 68 වන සංවත්සර රැළියේදී, සජිත් ප්‍රේමදාස මහතා තමුන්ට නොදුන් තනතුරක් බාර ගත්තේය.  

ජනතා විමුක්ති පෙරමුණ මෙහෙයැවූ හැත්තෑ එකේ කැරැල්ලෙන් බිහිවූ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් විශිෂ්ඨ ඝනයේ විකල්ප බුද්ධිමතෙක් වූ සරත් ප්‍රනාන්දු ඊයේ (07) රාත්‍රී වැළැඳුනු හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය.

‘ද ඉංග්‍ලිෂ් හබ්’ යනු ලංකාව තුළ ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීමේ නවතම ප්‍රවේශය වේ. 2013 දී ආරම්භ කළ මෙම ඒකාබද්ධ වැඩසටහන මඟින් ඉලක්ක කරන්නේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පමණක් නොවන අතර සිසුන්ට ඉංග්‍රීසි භාෂාවෙන් සිතීමට, කතාකිරීමට සහ අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව ලබා දීමයි.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us