donetion"මුලතිවු දිස්ත්‍රික්කයේ නැවත පදිංචි ධීවර ප්‍රජාව නගාසිටුවීම හා ජීවනෝපාය වැඩිදියුණු කිරීම" ව්‍යාපෘතිය සඳහා ජපන් රජය මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 224380 එනම් රුපියල් මිලියන 30කට ආසන්න ආධාර මුදලක් (ජපන් යෙන් 21,764,860) ජපාන රාජ්‍ය නොවන සංවිධාන සහයෝගිතා ආධාර වැඩසටහන යටතේ ලබා දුන් බව ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය පවසයි.

3dකොළඹ නගරයේ ත්‍රිමාණ (ත්‍රී ඩී) සිනමා ශාලා දෙකක චිත්‍රපට නැරඹීමට පැමිණෙන අයට ලබාදෙන (3D) උපැස්‌ යුවළවල් නිසි පරිදි විෂබීජ නාශනය නොකරන ලබාදෙන බවට කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා පැවසිය.

 විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය මධ්‍යගත කිරීම සඳහා නිකුත් කර ඇති 11$2014 චක්‍ර ලේඛනයට අනුව විශ්‍රාම වැටුප් ගෙවීමේ දී විශ්‍රාමිකයන් තුන්දහසකට ආසන්න පිරිසකට සැප්තැම්බර් මාසයේ විශ්‍රාම වැටුප් ගෙවීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.

kidnepකුරුණෑගල වැල්ලවදී පැහැර ගැනුණු තමාරා කේෂානි බණ්ඩාර දැරිය නිරුපද්‍රිතව බේරා ගැනීමට ‍පොලීසිය 12 වෙනිදා සවස සමත් විය. ඒ ඇය පැහැර ගැනීමෙන් දින තුනකට පසුවය. ඇගේ කොණ්ඩයද ඒ වන විට කපා තිබි ඇත. කොණ්ඩය කපා ඇත්තේද 12 වෙනිදා පෙරවරුවේදීය. එදා උදේ ඇයට කෑමට දී ඇත්තේ කිරිබත්ය.

cricket-councilශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නායකයන් දෙදෙනා අතර හටගෙන තිබෙන ගැටුමක් හේතුවෙන් ආයතනයේ පරිපාලනය සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබෙන බව ක්‍රීඩා විශ්ලේෂකයෝ පවසති.

sajithmangalaපසුගිය බදාදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී තමන් පැවැසූ අදහස් වලට ප්‍රතිචාර දක්වමින්  සජිත් ප්‍රේමදාස මහතා දැඩි  ප්‍රහාරාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙන බවත් එම ප්‍රකාශය සත්‍ය නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

MahindaRajapakshaඅන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින්(IMBL) පැමිණි ඉන්දීය ධීවරයින්ව නිදහස් කළත් ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා නිදහස් නොකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ “ ද හින්දු පුවත්පතට“පවසා තිබේ.

AjithRohanaකුරුණෑගල, වැල්ලව ප්‍රදේශයේදී මීට දින කිහිපයකට ඉහතදී පැහැර ගැනීමට ලක්වූ බව කියන කේෂාණි බණ්ඩාර නැමැති සිව්හැවිරිදි දැරිය නෙරියාව ප්‍රදේශයේ වෙළඳසැලක් අසළ දමාගොස් සිටියදී සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us